හැම කාන්තාවකටම ලැබෙන්න ඕන ජනික් වගේ සැමියෙක් – ළඟදී විවාහවුන අසේකා විජේවර්ධන

පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතාවුන විවාහ උත්සවය තමයි ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධනගේ සහ ජනික්ගේ විවාහ උත්සවය. ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන මේ අලුත් යුවල එක්ක ටිකක් කතා කරන්න, ජනික් – අසේකා අලුත් ජීවිතය ගැන මොකද හිතෙන්නේ ”දැන් අපි දෙන්නම විවාහයෙන් පස්සේ අලුත් ජීවිතයට හුරුවෙනගමන් ඉන්නේ, දැනට ලොකු වෙනසක් නෑ අපි ගොඩක් සතුටින් ඉන්නවා, අපි දෙන්නම දැනට පදිංචි වෙලා ඉන්නේ ජනික්ගේ ගෙදර, ජනික්ට ලස්සන පවුලක් වගේම ලස්සන තියෙනවා. පවුල සමග ගතකරන කාලය හරිම සුන්දරයි”

ජනික් පලවෙනි වතාවට හමුවුනේ කොහොමද? ”ජනික් මට මීට් වෙන්නේ මගේ හිතවත් ඇන්ටි කෙනෙක් හරහා, අපි ආදරේට ඇයට කියනේ ආන්ටි සැන්ඩි කියලා, එයාගේ හරි නම තමයි සන්ද්‍යා ජයසූරිය, ඉතින් දවසක් කතා කරද්දී ආන්ටි සැන්ඩි තමයි කිව්වේ මෙහෙම පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ජනික් මුලදී කතා කරද්දී මම එයාව වැඩිය දන්නේ නැති නිසා කතා කරන්න කැමති වුනේ නෑ, පස්සේ ජනික් මට කතා කරන්න ගත්තා, එහෙම දිගටම කතා කරද්දී අපි දෙන්නා ගොඩක් හිතවත් වුනා, දිනක්ෂි අක්කගේ වෙඩින් එක දවසේ තමයි අපි දෙන්න මුහුණට මුහුණ බලාගෙන කතා කලේ”

ජනික් ඔබේ සහකාරයා විදියට තෝරාගත්ත එක ගැන මොකද හිතෙන්නේ ”මගේ සැමියා විදියට ජනිත් තෝරාගත්ත එක මම ගත්ත හොඳම තීරණ වලින් එකක්. මම නම් කියන්නේ සෑම කාන්තාවකටම ලැබෙන්න ඕන ජනික් වගේ සැමියෙක්, මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනා සතුව තියෙන්න ඕන ගුණාංග හැම එකක්ම ජනික් ළඟ තියෙනවා. ජනික් ගැන දන්නා අය ඒ ගැන හොඳටම දන්නවා. මම ජනික් කෙනෙක්ගේ හිත රිදවනවා දැකලා නෑ එයා කිසිම කෙනෙක්ට නරකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම එයා මට වගේම මගේ පවුලටත් ගොඩක් ආදරෙයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.