Tue. May 17th, 2022

අපි හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ප්‍රියසාද් පවුලේ ඉන්න බාලම දියණිය තමයි ශනුද්‍රි ඉතින් ඇයට පොඩි කාලේ ඉඳලම දෙමාපියන්ගේ වගේම අක්කලා දෙන්නගේ ආදරෙත් නොඅඩුව ලැබුනා. ශනුද්‍රි ලංකාවේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ දෙවෙනි ඉනිම නාට්‍ය හරහායි

මේ වනවිට හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහාත් මේ වනවිට ශනුද්‍රි ජනතා ආදරය දිනාගෙන තියෙනවා, ඒ වගේම ‘අඟර දඟර’ ‘රෝස කැලේ’ ‘ආදරණීය ප්‍රාර්ථනා’ වැනි නිර්මාණ රැසක් සඳහා සඳහාත් ශනුද්‍රි සිය රංගන දායකත්වය ලබාදෙනවා. ඉතින් අපි හිතුවා ශනුද්‍රි එක්ක ටිකක් කතා කරන්න,

ශනුද්‍රි විවේකයෙන් ඉන්න විදියට මොකද කරන්නේ ”එදාටනම් හොඳටම නිදාගන්නවා. මොකද ෂූටින් තියෙන දවස්වලට උදෙන්ම නැගිටින්න වෙනවා නේ. ගෙදර ඉන්නකොට අම්මා, තාත්තා, අක්කලා එක්ක කාලය ගත කරනවා. දැන් අපේ චූටි දොනිත් ඉන්නවා නේ. වෙලාවක් තිබ්බොත් කෑමක් හදනවා, ඇත්තම කියනවනම් මම ගොඩක්ම ආසා ගෙදර ඉන්න.

ශනුද්‍රි දැන් කළා ලෝකයේ ගොඩක් ජනප්‍රියයි නේ ඒ නිසා හොඳ ආර්ථිකයකුත් ඇති නේද ”ඇත්තම කියනවනම් මම මුදල් බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි. ඒත් රංගනය වෘත්තිය නිසා ආර්ථිකයත් එකතු වෙනවා. හැබැයි ඒ ඔක්කොම මම අම්මට බාරදීලා තියෙන්නේ. අධ්‍යාපන කටයුතු සියල්ල මගේ වියදමින් කරගන්න ඕන කාලය ඇවිත්. ඉතින් දැන් මට අම්මා තාත්තාට කරදර කරන්න බැහැනෙ.” කියලා.

කොහොම වුනත් මේ වනවිට ශනුද්‍රි කියන්නේ පෙම්වතියක් කියලා හැමෝම දන්නවා. හැබැයි ඇයගේ පෙම්වතා කවුද කියලා තාම කවුරුවත් දන්නේ නෑ. හැබැයි මේ වනවිට හැමෝම වගේ කියනවා ශනුද්‍රිගේ ආදරණීය පෙම්වතා ජනප්‍රිය ගායකයෙක්වන දිනේෂ් ගමගේ කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි දිනක්ෂි ළඟදී ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරපු චායාරූපය, මේ පින්තුරයේ ඇයගේ පෙම්වතා පැළඳගෙන ඉන්න අත්පලන්දනාවක්ම ජනප්‍රිය ගායක දිනේෂ්ගේ අතෙත් තියෙනවා. කොහොම වුනත් තවමත් ශනුද්‍රි සහ දිනේෂ් පෙම්වතුන්ද කියලා හරියටම දන්නේ නෑ. නමුත් මේ අත්පලන්දනා ගලපලා බැලුවම අපිට හිතෙන්නේ ඒ දිනේෂ් ගමගේ කියලයි තමයි. ශනුද්‍රි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ ඉතින් අපි බලන් ඉමු අපේ අනුමානය හරිද කියලා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *