හැමෝම ලංකාව පීරලා හොයන සුරංගනාවියක් වගේ ලස්සන රැට්ටාගේ පෙම්වතිය

පහුගිය කාලයේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය, අලුත් රංගන ශිල්පිනියන් රැසක් කළා ලෝකයට දායාද කරපු මේ ටෙලිනාට්‍ය ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය බවට පත්වුනා, ඉතින අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ නාඩගම්කාරයෝ නාට්‍ය හරහා හැමෝගෙම අවදානය සහ ආදරය දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් ගැන, ඇය තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ හංසි කියන චරිතයට පන පෙවූ මධාරා සෙව්වන්දි,

මදාරා කියන්නකෝ බලන්න රංගන ජීවිතය ගැන විස්තර ටිකක් ”මම මුලින්ම රංගනයට පිවිසෙන්නේ ‘කෝටිපතියෝ’ ටෙලිනාට්‍යය හරහා, ඊටපස්සේ මම ටික කාලයක් යනකන් ටෙලිනාට්‍යකට සම්බද වුනේ නෑ, ඒ කාලේ මම සම්බන්ද වුනේ වෙළඳ දැන්වීම් වලට විතරයි, ඊටපස්සේ තමයි නාඩගම්කාරයෝ නාට්‍යට සම්බන්ද වෙන්නේ ඒ චාමර සමරවික්‍රම අයියා කරපු ආරාධනාවක් නිසා, පස්සේ මට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුනා ඒත් මම ඒවා බාරගත්තේ නෑ”

මදාරා දිගටම රඟපාන බලාපොරොත්තු වෙනවද..? ”මෙහෙමයි මම මනෝ උපදේශකවරියක් විදියට මේ වෙද්දී කටයුතු කරනවා, මම මගේ ජීවිතේ මුල් තැන දෙන්නේ මගේ රැකියාවට, ඉතින් ඒ නිසා මම මගේ රාජකාරියට බාදාවෙක් වෙන කිසිම දෙයක් කරන්නේ නෑ, ඉතින් මගේ රැකියාවට රංගනය බාදාවක් වුනොත් මම රංගනයෙන් ඈත් වෙනවා”

ගමෙන් ඇවිත් රංගනයට සම්බන්ද වීම ගැන ගෙදරින් ප්‍රශ්නයක් වුනේ නැද්ද..? මගේ තාත්තනම් පොඩ්ඩක්වත් කැමති නෑ මම රඟපානවට, එයා කැමති මම ඉගනගත්ත දේයින් ඉදිරියට යනවට, හැබැයි අම්මා එච්චර ප්‍රශ්නයක් නෑ, කොහොමත් මම රූගත කිරීම් වලට යන්නේ අම්මා එක්ක තමයි. තනියම යන්නෙම නෑ,”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මධාරා සෙව්වන්දි කියන්නේ දැන් ආදරවන්තියක් කියලා අපිට දැනගන්න ලැබුනා, ඇයගේ ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙන්නේ අපි හැමෝම ගොඩක් ආදරේ කරන රැට්ටා එහෙමත් නැත්නම රතිඳු සුරම්‍ය සේනාරත්නයි, රතිඳු අද ඔහුගේ සමාජ ජාලා ගිණුමකට ඔවුන් දෙදෙනාගේ පින්තුරයක් එකතු කරලා තිබ්බා ඒ ‘Bae’ කියලා සටහනක් සහ හාට් ලකුණක් සමග, ඉතින් අපි ගොඩක් ආදරේ කරන මේ දෙන්නගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා,

Related Posts

Leave a Reply

Your email address will not be published.