Sat. May 21st, 2022

දිනේෂ් තරංග කියන්නේ මා නුඹට පෙම් කළේ ගීතය හරහා බොහෝ රසිකයින්ගේ හදවත් සොරා ගත් චරිතයක්. ඔහු මේ වනවිට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගොස් අවසන්. ගායන ජීවිතය කෙසේ වෙතත් වරින්වර ඔහුගේ පෞද්ගලික ජීවිතයට නම් බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනවා. නමුත් ඔහු ඒ සියල්ලම මැදිහත් සිතින් යුතුව බාර අරගෙන තමන්ගේ ගමන පාඩුවේ යන චරිතයක් වී හමාරයි. කෙසේ වෙතත් ඔහු මෑතකදී තම මුහුණු පොත තුළ අපූරු ඡායාරූපයක් එක්කොට තිබුනේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ පැරණි ඡායාරූපයක් සමඟ අද ගෙවන ජීවිතය. ඒ ඡායාරූප සමඟ ඔහු අපූරු කියමනක් ද එයට එක් කොට තිබුණා.

”ඔවුන් කිව්වා ‘ඔට්ටුයි, ඕක තව බොහොම ටික දවසයි’ ඒත් ඉතිං අපි දිහා බලන්නකෝ. අපි තාම එකට ඉන්නවා. ශක්තිමත් ගමනක් යමින්” යනුවෙන්. මේ වන විට ඔවුන්ගේ විවාහ දිවියට වසර දහයකුත් ගෙවි අවසන්. ඔවුන් තමන්ගේ ප්‍රේමය එදා මෙන්ම අදද සුන්දරව විදිනවා. ආදරේට ඔවුන් කතා කරන්නේ අම්මි තාත්ති යන ආදරණීය වචනවලින්. ඔවුන් ජීවිතේ මොනතරම් තරම් බාධක කම්කටොලු ආවත් එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙනවා. ආදරේ කියන්නෙ රූපය මත තීරණය වූවක් නොවන බව යොවුන් ගායන ශිල්පී දිනේෂ් පෙන්වා ආවසන්.

ඉතින් ඔයත් ඔයාගේ ආදරේට ආදරේ කරන්න, ආදරේ කියන වචනයට ලස්සන කැත, උසස් පහත්, බේදයක් නෑ ආදරේ කියන්නේ ශක්තිමත් බැඳීමකට ඒ නිසා ඔයාලා ආදරේ කරනවානම් ඒ දේ අවංකව කරන්න එතකොට පුළුවන් මොන බාදක ආවත් මොන නොගැලපීම් තිබ්බත් ජීවිතේ ලස්සනට ගලප ගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *