‘හැමෝම කියනවා රංගනයට එන්න කියලා’ ලංකාවේ කොල්ලන්ගේ ක්‍රෂ් එක දෙනෙති කියන කතාව

සමාජ මාධ්‍ය තුළින් කලින් කලට අලුත් තාරකාවන් බිහිවෙනවා .මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ඇයි ගැනයි. ඇය සුරූපී නර්තන ශිල්පිනියක්. නමින් ඇය දෙනෙති පුස්සේගොඩ. මුලින්ම ඇයට හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ පන්දම කියන ගීතයට ඉදිරිපත් කරපු නර්තනයට. ඉන් අනතුරුව රෝහිත රාජපක්ෂ විසින් ගායනා කරන ඇගේ සිනා ගීතයට ද ඇය කවර් ඩාන්ස් එකක් කරනවා. ඒ හැමදේම එක්ක ඇය ඇගේ ගමන පටන් ගන්නේ ගන්නේ යූටියුබ් නාලිකාවක් හරහා.

කවර් ඩාන්ස් කරන ඔබට රංගනයට අවස්ථාව ලැබිලා නැද්ද, ”ආරාධනා ගොඩක් නම් ලැබිලා තියෙනවා. හැබැයි මම රංගනයට කැමැති කෙනෙක් නෙවෙයි. හැබැයි මම වීඩියෝ වැඩ නම් භාරගෙන තියෙනවා. වීඩියෝ වලට කැමති වුණාට මම සිනමාවට පුංචි තිරයට කැමැති කෙනෙක් නෙවෙයි. ගොඩක් අය නම් කියනවා මට රංගනයට එන්න කියලා. දැනට නම් ඒ ගැන ලොකු ආසාවක් නැහැ ඉදිරියට බලමු.”

දෙනෙති මේ වෙද්දි ප්‍රේමවන්තියක්ද, ”ඔව් මම ආදරේ කරනවා. මගේ ආදරයට මේ වෙද්දි අවුරුදු හයක් විතර වෙනවා. මම ආදරය කරන කෙනා මාව පොඩි කාලේ ඉදන් දන්න කෙනෙක්. මම වගේම එයත් නුවර. එයාම දන්නවා මම ඩාන්සින් කියන දේට කොච්චර ආදරේද කියලා. එයත් එයා කරන දේට ගොඩක් ආදරේ කරන කෙනෙක්. අපි දෙන්නා හොඳ තේරුම් ගැනීමක් එක්ක ජීවිතය ඉස්සරහට යනවා.”

වීඩියෝස් නිසාම ඔබට කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා නේද, ”ඇත්තටම ඒ අවස්ථාව ලැබෙනවා. මේ ලඟදි අපි භාතිය භාතිය සන්තුෂ් අයියලාගේ උන්මාද ප්‍රේම ගීය ගීය මියුසික් වීඩියෝව කරනවා. භාතිය අයියා මුළු වීඩියෝ එකට කට්ටිය තෝරගන්න මට අවස්ථාව දුන්නා. මම ගොඩක් දුරට කරන්නේ මගේම කට්ටිය එක්ක නර්තනය නිර්මාණය කරන එක. හැබැයි මේ නිර්මාණයට සම්බන්ධ වුණ හැමෝම වෙනස්. ඒ අත්දැකීම් මට අලුත් අත්දැකීමක් වුනා. මේ වගේ අවස්ථාවක් ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට රූපවාහිනි වැඩසටහන් කිහිපයකටත් ආරාධනා ලැබුණා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *