‘හැමෝම කියනවා මම දඟ මල්ලක් කියලා’ පුංචි සුරංගනාවිය හර්ෂි කියන කතාව

කාලයක් බොහෝ දෙනෙකුගේ කතාව බහට ලක් වුන ටෙලිනාට්‍යක් තමයි ‘හදවතේ කතාව’ ටෙලි නාට්‍ය. එම නාට්‍ය නිමා වුවත් අහිංසක ඇය ගැන කතා කරන එකනම් අඩුවක් නෑ. ඉතින් අපිත් හිතුවා ඒ අහිංසකාවි ගැන කතා කරන්න. නමින් ඇය හර්ෂි රසංගා. කතාව ඉවර වුවත් ඇයට ලැබෙන ප්‍රක්ෂේක ආදරේනම් අඩුවක් නැති බවයි ඇය අපිට පවසා සිටියේ. ඇය පෙනුමෙන් අහිංසක නිසාම ඇයට අහිංසක චරිතයක් හිමි වුනාද යන්න අපි ඇයගෙන්ම අහන්න හිතුවා. “මට කටකාර දඟකාරි චරිතත් ලැබිලා තියෙනවා. හැබැයි මට වැඩිපුරම ලැබෙන්නේ අහිංසක චරිත. මගේ පෙනුම අහිංසක වුනාට. ඇත්තම මම අහිංසක කෙනෙක් නෙවෙයි. මම කටකාර දඟකාර චරිතයක්. හැබැයි මම ගොඩක් සංවේදි චරිතයක් මාව දන්න හැමෝම වගේ කියනවා අම්මෝ ඔයානම් දඟ මල්ලක් කියලා”

අහිංසක චරිත රඟපාලා එකපාර ඔබට දුෂ්ට චරිතයක් ලැබුනොත්, “මම මේ වෙද්දි ගොඩක් අයගේ හිත් දිනාගෙන තියෙන්නේ අහිංසක චරිතයක් විදිහට
ඉතින් මට ගොඩක් අය ආදරේ කරන්නේ ඒ විදිහට. ඒ නිසා මට කවුරුත් බනින්නේ නෑ. මම බැනුම් අහන චරිතයක් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි කොහොමත්. දුෂ්ට චරිත ගොඩක් අයගේ මත⁣කයේ රැදෙන චරිත නෙවෙයි. ඒ නිසා මම දුෂ්ට චරිත රඟපාන්න කැමති නෑ. එහෙම ආරාධනා ලැබුනොත් භාරගන්නේ නැති වෙයි මම. මොකද ප්‍රේක්ෂක ආදරේ නිසා තමා අපිට කලාවේ ගමනක් යන්න පුළුවන් වෙන්නේ”

ඒ කියන්නේ හර්ෂි රගපාන්නේ චරිත තෝරබේරගෙන “ඔව් මම රගපාන්නේ චරිත තෝරගෙන.⁣ මොකද මම මගේ වයසට ගැළපෙන චරිත කරන්න කැමති. ඒ වගේම හැම නාට්‍යකම මම ඉන්න ඕන කියන තැන මම නෑ මම මට ගැලපෙන නිර්මාණ වලට විතරයි රඟපාන්නේ. “

කාලයක් සිනමාවට ආරාධනා ලැබුන නිසාම මෑතකදි ආරාධනා ලැබුනේ නැද්ද? “ළගදිනම් ආරාධනා ලැබුනේ නෑ. අවුරුදු දෙකකට කලින් උදුම්බරා කියන සිනමා කෘතියට තමා මට සම්බන්ධ ⁣වෙන්න ලැබුනා. ඒකෙන් ලොකු අත්දැකිමක් ලැබුනා මට. පාසලේ ක්‍රිඩා නොකලත් ඒ චරිතය තුළින් මට ක්‍රිඩා කරන්න ලැබුනා. ඒකට හොද ප්‍රතිචාර ලැබුනා මට.”

අද රංගන ශිල්පිනියක් විම ගැන සතුටුද ඔබට, “ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි මට. අපි සම්බන්ධ වෙන හැම චරිතයකටම ප්‍රේක්ෂකයන් ආදරේ කරනවා අඩුයි. හැබැයි මට ලැබුන හැම චරිතයකටම එයාලා ආදරේ කලා. ඒ චරිත අදටත් ගොඩක් අයගේ හිත් වල රැ⁣දිලා තියෙනවා. මම මේ තැනට එන්න ලොකුවට හීන දැකපු කෙනෙක් නෙවෙයි. මොකද අහම්බෙන් අවස්ථාවක් ලැබිලා තමා මම මේ තැනට එන්නේ. ඒ අවස්ථාව නිසාම අද පුංචි තිරයට සිනමාවට එන්න පුළුවන් වෙලා තියෙනවා මට. මේ ලැබෙන ආදරය එක්ක ඉස්සරහට යන්න තමා මම බලාපොරොත්තු වෙන්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *