වත්සලා දියලගොඩ කියන්නෙ කාලයක් අපේ ටෙලිනාට්‍ය වලට නැතුවම බැරි චරිතයක්. දඟකාර කට කාර රංගන ශිල්පිනියක් වුන ඇය ඇයගේ ලගන්නාසුදු හැසිරීම නිසා හැමෝගෙම ආදරේ දිනාගන්න වත්සලාට පුළුවන් වෙනවා, කොහොම වුනත් මේ වනවිට වත්සලා කළා රංගන ශිල්පිනියක් ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන වත්සලා එක්ක ටිකක් කතා කරන්න.
වත්සලා දැන් වැඩිය පේන්න නෑ ඔබ රංගනය සමුදීලද ඉන්නේ? ”අනේ නෑ මම රංගනයට සමුදීලා නෑ, කොහොමත් මම ඉස්සර ඉඳලම අවුරුද්දකට එක ටෙලිනාට්‍යකට වගේ තමයි රංගනයෙන් සහබාගී වුනේ. දැන්නම් අවුරුදු 3-4කින් ටෙලිනාට්‍යකට සම්බන්ද වුනේ නෑ. බබත් එක්ක ටිකක් අමාරුයි අනික මේ දවස්වල රටේ තියෙන තත්වය එක්ක කොහොමත් ඒ දේවල් කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ”
වත්සලා ගෙදර ඉද්දි ටෙලිනාට්‍ය එහෙම බලන්නේ නැද්ද ”මම එහෙම වැඩිය ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙවෙයි. මම රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය කිහිපයක් බැලුවා පසුගිය දවස්වල. ඒ වගේම මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන පාරදිගේ සහ නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍ය දෙක බලනවා. අපේ ගෙදර හැමෝම ආසයි ඒ නාට්‍ය දෙක බලන්න.”
බුවිණි එක්ක තියෙන බැඳීම කොහොමද ”අපි සහෝදරියෝ වුනාට ඇත්තටම අපි ඉන්නේ යාළුවො වගේ. හැම දේම මම කතා කරන්නේ බුවිණි එක්ක, බුවිණි මගෙත් එක්ක. කොහොම වුනත් අපි දෙන්නම එකට ඉන්නවා දැක්කම හැමෝම වගේ කියන්නේ අක්කා කවුද නංගි කවුද කියලා අඳුරගන්න බෑ කියලා.”