හැමෝම ආදරේ කරන රණවිරු සමීර යාළුවො වටකරගෙන දාපු සුපිරි උපන්දින පාටිය

ලංකාවේ අපිට කාලයක් තිබ්බා හිතේ නිදහසින් ළමයෙක් පාසල් යවන්න බැරි, හස්බන්ඩ් වැඩට යවන්න බැරි කොටින්ම කියනවනම් හිතේ සැනසීමෙන් ගමනක් යන්න බැරි. දැන් ඒ කාලේ ඉවරයි. අපේ වීරෝදාර රණවිරුවන් අපිට ඒ නිදහස අද ලබාදීලා තියෙනවා. ඒ නිකන් නෙවෙයි ඔවුන්ගේ ජීවිත පුද දීලා. ඒ නිදහස නිසා තමයි අපි අද සැනසීමෙන් හුස්ම ගන්නේ.

ඉතින් ජීවිත පරිත්‍යාග කරලා වගේම තමන්ගේ අත පය පුදදුන්න රණවිරුවන් රැසක් අදටත් ඉන්නවා. ඉතින් ඒ විදියට ආබාධිත තත්වයට පත්වුණ රණ විරුවෙක් තමයි සමීර ප්‍රියන්ත කියන්නේ. මේ වනවිට සමීර ලංකාවේම ගොඩක් ජනප්‍රියයි. ඒ සමීරගේ නර්තන හැකියාව නිසා. සමීර ප්‍රියන්ත මේ වනවිට ඔහුගේ ආබාදිත මිතුරෙක් සමග යුටියුබ් නාලිකාවකුත් පවත්වාගෙන යනවා.

ඉතින් සමීර ආබාදිත වුන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම පුදුමාතන් වල ක්‍රියාන්විතයක හිටියේ, 2009.05.13 දවසේ අපි උගුලකට අහුවුනා. වෙලාව 11.30ට වගේ. මගේ මුළු ඇගටම ඩැමේජ් උනා. ඊටපස්සේ මම අවුරුදු 4ක් 5ක් වගේ සෑහෙන්න දුක් වින්දා, කවුරුවත් මාව ඇල්ලුවේවත් නෑ. ඒ අයට මාව අල්ලන බයයි. පස්සේ ජාතික රෝහලේ නර්ස් නෝනා කෙනෙක් තමයි මාව නෑව්වේ. නවරත්න කියලා මිස් කෙනෙක්, ඇත්තටම ඒ මිස්ට ගොඩක් පිං” කියලයි.

ඉතින් මේ විදියට කැපකිරීම් කරපු සමීර ගේ උපන්දිනය අදට දීලා තියෙනවා, ඉතින් සමීරගේ යාළුවො එයාට ලස්සන උපන්දින සාදයක් සංවිදානය කරලා. ඇත්තටම සමීර ඒ සාදය දැකලා ගොඩක් පුදුම උනා කියලා අපිට ආරංචි වුනා. ඉතින් අපිත් අපි වෙනුවෙන් විශාල කැපකිරීමක්කල සමීර රණවිරුවාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි අපි වෙනුවෙන් දිවි පුදපු වගේම අපි වෙනුවෙන් ආබාදිත තත්වයට පත්වුන රණවිරුවන් සියලුම දෙනාට අපි හුස්මක් ගන්නා වාරයක් පාසා ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩක් පිං.

Leave a comment

Your email address will not be published. Required fields are marked *