හැමෝටම සුබ ආරංචියක් දෙවන වරට මවුපදවිය ලබන්න ඉන්න නෙහාරට ලැබෙන්න ඉන්නේ පිරිමි බබෙක් ද..?

කාලයක් පුංචි තිරය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ වගේම කාලයක් ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය වුනෙත් නෙහාරා පීරිස්. නෙහාරා හැමෝම අතර ජනප්‍රිය වෙන්නේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ඉන්පසු විවිද කළා නිර්මාණ හරහා කාගේත් ආදරේ දිනාගන්න නෙහාරා පසුව ඇයගේ ආදරණීය සැමියා සමග ඇමරිකාවේ පදිංචියට යනවා. කොහොම වුනත් මේ වනවිට නෙහාරා සහ මේනක ඉන්නේ ලංකාවේ ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන නෙහාරා පීරිස් ගැන ටිකක් කතා කරන්න.

නෙහාර දැන් රංගනය හරහා වැඩිය පේන්න නෑ ඉතින් කාලෙන් කාලෙට රංගනයෙන් ඉවත්වෙන්න වීම ගැන දුකක් නැද්ද ? ”අනේ මට කිසිම දුකක් නැහැ. මොකද මම සිය වතාවක් විතර මාද්‍යට කියලා තියෙනවා පුංචි කාලේ ඉඳලම මම හීන මැවුවේ මගේ අම්මා වගේ ගෘහනියක් වෙන්න, අහම්බයක් නිසා තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ. මම කොච්චර ජනප්‍රිය වුනත් මට අංක එක වෙන්න ඕන මගේ පවුල කියන තැන මම හැටියා. මගේ සැමියා සහ ළමයි තමයි මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ.”

දැන් නෙහාරා රංගනයට සියයට සියයක්ම සමුදෙන්නද හිතාගෙන ඉන්නේ ”මම ඇත්තටම ඒ ගැන තාම හරියට හිතලා නැහැ. මගේ පලවෙනි බබා හම්බවෙලා මාස හයකට විතර පස්සේ තමයි නිර්මාණයකට සම්බන්ද වුනේ. හැබයි වැඩ සටහන් වලට ලැබුන ආරාධනානම් බාරගත්තා. ඇත්තටම දැන් ආරාධනා ලැබෙනවා අඩුයි.කොහොමත් දැන් මේ ෆීල්ඩ් එකට අලුත් අය ගොඩක් එකතුවෙලා ඉන්නවානේ. අනිත් කාරණය තමයි හැමදාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹෙන්න බෑ නේ.”

කොහොම වුනත් මේ වනවිට නෙහාරා පීරිස් නැවතත් උතුම් මවු පදවිය ලබන්න සුදානම් වෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම නෙහාරාත් ලංකාවේ ජනප්‍රිය පුවත්පතකට කියලා තිබ්බා ඇය නැවත මවුපදවිය ලබන්න සුදානමින් ඉන්නේ කියලා, ඒ වගේම තමයි දැන් නෙහාරා දකින හැමෝම කියනවලු නෙහාරා තවත් ලස්සන වෙලා කියලා. ඉතින් මේ කතාව අහපු ඇයගේ ප්රෙක්ෂයන් කියන්නේ නෙහාරට ලැබෙන්න ඉන්නේ පිරිමි බබෙක් කියලා මොකද අම්මා ලස්සන වෙන්නේ පිරිමි බබාලා හම්බෙන්න ඉන්න කොට කියලා කියනවලු. හැබැයි ඒ කතාවේනම් ඇත්ත නැත්ත අපිනම් හරියටම දන්නේ නෑ, කොහොම වුනත් වාසනාවන්ත දරු උපතක් සිදුවෙන්න කියලා අපි නෙහාරට හදවතින්ම සුබපතමු,

Related Posts

Leave a Reply

Your email address will not be published.