Sat. May 21st, 2022

යුරේනි නොෂිකා කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා නිර්මාණය කරන අපූරු යුවතියක්. ඇගේ විලාසිතා ගැන බොහෝ අය කතා කරන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. යුරේනි කියන්නේ ඇඳුම් නිසාම ප්‍රශ්න දාගන්න කෙනෙක් විදිහට තමයි ගොඩක් අය දකින්නේ. පහුගිය කළ ඇඳුමක් නිසා ප්‍රශ්නයක් වුණා කියන්නේ ඇත්තද, මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු පහළොවක් වෙනවා. ඒ කාලය තුළ මම විවිධ විලාසිතා කළා. ඔසරි නම් කොට ගවුම කොට කලිසම වෙනකන් මම විලාසිතා කරලා තියනවා. මම නම් ඔය කවුරුත් කියන කටකතා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි.

මාව ලගින් ආශ්‍රය කරන මනුස්සයො දන්නවා මගේ විලාසිතා ගැන. සමහරු මගේ විලාසිතා පිළිගන්නවා සමහර මගේ විලාසිතා පිළිගන්නෙ නැහැ. කොහොම උනත් මම විලාසිතා කරන එක නම් නතර කරන්නේ නැහැ. මට වයස අවුරුදු 80 පැන්නත් මම විලාසිතා කරනවා. ගෑණු ළමයෙක්ගෙ කකුල් පේන එක වරදක් විදියට දකින මනුස්සයෝ ඊටත් වඩා පවක් පුරව ගන්නා තවත් කෙනෙකුට හිනාවෙලා. අර අතීතයේ කතාවක් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඉතින් අවුරුදු පහළොවක් ම මාව විවේචනය කරපු මනුස්සයන් ගෙන් මම ශක්තිමත් කෙනෙක් නිර්මාණය කරගත්තා. මාව ඔය කටකතාවලට වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මාව විවේචනය කරද්දි ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මොකද ඒ අය මම දිහා බලාගෙන ඉන්න නිසා.

ඔබ ඉදිරියේදී රඟපාන්න කැමැති චරිත එහෙම තියෙනවද, ඇත්තටම මම කැමැතියි ඇක්ෂන් චරිතය රඟපාන්න. තව ආසාවක් තියෙනවා ජීවිතය දිනපු කාන්තාවක් ඒ කියන්නේ එඩිතර ධෛර්යවන්ත ගැහැනියක් විදිහට රඟපාන්න. හැබැයි ලංකාවේ මේ ක්ෂේත්‍රය තුළ ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වීම හීනයක්. ඒ නිසාම මගේ හීන මගේ හිතේ තියාගෙන මම ජීවත් වෙනවා.

යුරේනි හැමදාම තනිකඩව ජීවත් වෙන්නද කැමති, ඒ ගැන මම හිතන්නේ නැහැ. විවාහයක් සිද්ධ වෙනවා නම් සිද්දවෙයි. ලොකුවට මම ඒ දේවල් පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි. මට ඕනේ මම මැරෙන තුරාවටම සතුටින් ජීවත් වෙන්න. අතීතයේ මගෙ හිත ගියපු අය නම් ඉන්නවා. හැබැයි ඒ දේවල් හරි ගියේ නැහැ. අනික මම කවුරුත් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මට තනිවම ජීවත් වෙන්න පුළුවන්. කවුරු හරි මගේ ජීවිතයේ සතුට අරගෙන ආවොත් එහෙමයි නාවොත් එහෙමයි. හැබැයි මම සතුටින් ජීවත් වෙනවා.ඒ තමා මගේ හැටි.

කුඩා කාලයේ ඔබ දැකපු හීන මේ වෙද්දි හැබෑ වෙලා ද, මම හීනෙකින්වත් නොහිතපු වෘත්තියක් තමයි මට මේ ලැබිලා තියෙන්නේ. මම අවුරුදු 12 ක් ම හොස්ටල් ජීවත් වුණේ. ඉතින් එහිදී ටීවී එකක් බලන්න වත් ලැබුණේ නැහැ. පුංචි කාලේ නම් මම ආස කලේ නීතිඥවරියක් වෙන්න. හැබැයි නොහිතපු විදියට මට නිළියක් වෙන්න අවස්ථාව ලැබුණා. දැන් මම මේ වෘත්තියට කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *