Tue. May 17th, 2022

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අධිකාරිගේ ආදරණීය දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ගායිකාවක නිවේදිකාවක වගේම රංගන ශිල්පිනියක ලෙසත් ඇය ගොඩක් ජනප්‍රියයි ජනප්‍රියයි. ඉතින් කාවින්ද්‍යා ඇයගේ පාසල් කාලය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මගේ පාසල් කාලයේ එකම හීනය වුනේ නර්තනය අංශයෙන් ඉදිරියට යන්න. මම වියානා ජයසූරිය මහත්මිය යටතේ බැලේ නර්තනයත්, චන්න විජේවර්ධන මහත්මයා යටතේ උඩරට නර්තනයත් හදාරලා තියෙනවා. සංගීතය කියන දේනම් මගේ ජාන වලින්ම ආපු දෙයක් මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම ගායනය පැත්තෙන් දක්ෂයි නේ”

දැන් කාවින්ද්‍යාගේ අම්මා නැවතත් විවාහකයි හැබැයි අම්මා කාවින්ද්‍යාට තියෙන ආදරේ අඩුවෙලා නෑ නේද.? ”ඔව් අම්මා කවදාවත් ඒ ආදරේ අඩු කරන්නේ නෑ. ඒ ආදරේ වැඩිව්නත් අඩුවෙන්නේ නෑ කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. මම විවාහ වුණ දවසකත් මාව ගෙදරම තියාගන්න තමයි අම්මට ඕනේ. ඔයා නැතුව මම කොහොමද ඉන්නේ කියලා අම්මා හැම තිස්සෙම මගෙන් අහනවා”

මේ දවස්වල කාවින්ද්‍යා ගැන නිතරම කතා වෙනවා ඒකට හේතුව තමයි කවදාවත් විවාහ වෙන්නේ නෑ කියලා කියපු කාවින්ද්‍යා පෙම්වතා සමග ගත්ත චායාරූපයක් සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බා. කොහොම වුනත් අද කාවින්ද්‍යා අපූරු සටහනක් එකතු කරලා තිබුනා ඒ තමයි ”හදවතයි ආත්මයයි කියන්නේ දෙකක් හදවතක් රිදුවම ඒක ටිකක් හරි කාලෙත් එක්ක හදාගන්න එක මහ දෙයක් නෙමේ. හැබැයි, කෙනෙක්ගෙ ආත්මයක් රිද්දනවා කියන්නේ ඒ කෙනාට මුලු ජීවිත කාලෙම ඒක බලපාන දෙයක් වෙනවා. එතනින් එයාට ආය ආපසු හැරිලා බැලිල්ලක් නන් – කවි” කියලා. මේ සටහන දැක්කම ගොඩක් අය හිතලා තියෙන්නේ කාවින්ද්‍යා ගේ ආදර කතාව නතර වෙලා කියලා. නමුත් ඒ ගැන කාවින්ද්‍යා කිසිම ප්‍රකාශයක් සිදු කරලා නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *