Sat. May 21st, 2022

ලංකාව මේ වනවිට පත්වෙලා තියෙන්නේ ඉතාම අසීරු තත්වයකට. පාලකයකයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා මේ වනවිට ලංකාවේ ආර්ථිකය ඉතාම දරුණු විදියට කඩාවැටිලා. ඒ වගේම අධික ලෙස මුදල් අච්චු ගැසීම නිසා මේ වනවිට රටේ උද්ධමනය සීග්‍ර ලෙස ඉහලයමින් තිබෙනවා. ඒ වගේම මෙම තත්වයට වගකිවයුත්තන් වන ලංකාවේ පාලයන් සියලුම දෙනා ගෙදර යවන්න මේ වනවිට අපේ තරුණ තරුණියන් විශාල අරගලයක් දියත්කරමිනුයි ඉන්නේ.

ඉතින් මේ අරගලය අතරේ හැමෝම කතා කල සිදුවීමක් තිබුනා ඒ තමයි අරගල කරුවන්ගේ ගමන වලක්වන්න යොදාගෙන තිබ්බ මාර්ග බාදාවකදී සුන්දර තරුණියක් රෝස මලක් පොලිස්සියට ලබා දී ඔවුන් කරන්නේ සාමකාමී අරගලයක් බවට හැඟවුවා. කොහොම වුනත් පසුව දැනගන්න ලැබුනේ ඇය කසුන්සලා ගිමිහානි නැමති තරුණියක් බව,

කොහොම වුනත් මේ වනවිට සමාජ ජාලාවල ඇය පිලිබඳ නැවතත් විශාල වශයෙන් කතා වෙන්න පටන් අරගෙන එයට හේතුව තමයි ඇය පොලීසියට රෝස මලක් දුන්න ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මලක් ලබා දෙන චායාරුපයක් සමාජ ජාලා වල වයිරල් වෙමින් පවතින නිසා. කොහොම වුනත් ඇය වගේම ඇඳුමකින් සැරසී හරීන් මන්ත්‍රී තුමාට මලක් ලබා දුන්නේ ඇය නොවන බව සමාජ ජලා හරහා ප්‍රකාශ කරලා තිබ්බා,

ඒ ඇය ඇයගේ මිහුණු පොතට අපූරු සටහනක් එකතු කරමින් ඒ ”මම මේ වෙනකල් ඒ රෝස මල දීපු photo එක මගෙ profile එකෙන් post එකක් විදියට දැම්මෙ නැ. හැබැයි ඒ photo එක tag කරලා ඇති ගොඩක් අය. අද මේ සටහන ලියන්නෙ ඔය තියෙන photos දෙක වෙනුවෙන්. 01) හරින් ට ඒ කහ මල දෙන ඇය කව් ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි වැරදිලාවත් ඒ වගේ දේශපාලන මතයක් දරන මේ රටේ මිනිස්සු 200 කට අධික ප්‍රමාණයක් මෙලොවින් සමුගන්නකන් බලන් හිටපු සහ අදටත් වසර 3 ක් වෙලත් විලි ලැජ්ජාවක් නැතිව අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාලා බීලා ජොලි කරන මේ වගේ මිනිහෙක් ඉස්සරහ මගෙ කොන්ද නැමෙන්නෙත් නෑ කියලා කියන්න කැමති.
2) ඇයට කියන්න කැමති මේ ටික. සහෝදරී ඒ මල මම එදා දුන්නෙ හේතුවක් ඇතිව. කාගෙ පන්තියට ද, කාට ද කියලා ඔබ තේරුම් අරන් නැහැ. ඒ නිසා වෙන අයගෙ තිර පිටපත් වලට රඟපානකොට පරිස්සමින්.” කියලා. ඉතින් මෙවැනි කොන්ද පන ඇති තරුණියන් සිටීම ඇත්තටම ආඩම්බරයට කාරනාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *