හරියන කෙනා තාම මගේ ජීවිතේට ඇවිල්ලා නෑ – කාවින්ද්‍යා දුල්ශානි

නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියෙක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ. ඉතින් අපි හිතුවා තරුණ හදවත් රැසක් සොරාගත් සුන්දර රංගන ශිල්පිනියක වන කාවින්ද්‍යා එක්ක ටිකක් කතා කරන්න. කාවින්ද්‍යා මේ දවස්වල ඔයා ඉන්න නිර්මාණ ගැන කියන්නකෝ බලන්න විස්තර ටිකක් ”මේ දවස්වල මම රන්ගනයෙන් දායක වෙන නිර්මාණ දෙකක් විකාශනය වෙනවා. ඒ සියත නාලිකාවේ විසේකාර හාදුවක්. සහ ස්වර්ණවාහිනියේ අලුත්ම ටෙලිනාට්‍යක් වන කෝලම් කුට්ටම නාට්‍යය තවම එක විකාශනය වෙන්න පටන් ගත්තේ නෑ නාඩගම්කාරයෝ නාට්‍යය ඉවර වුනාම තමයි ඒක පටන්ගන්නේ”

කාවින්ද්‍යා රංගනයට එන්නේ කොහොමද ? ”මම රංගනයට එන්නේ 2015 වසරේ ස්වාධීන රූපවාහිනියේ පැවැත්වුන අවුරුදු කුමරිය තරඟය හරහා. ඒ තරඟාවලියේ අවසන් තරඟකරුවන් 12දෙනා අතරින් ටෙලිනාට්‍යයකට මාව තෝරාගත්තා, ඒ මේඝා කියන නාට්‍යයට ශාන්ත සොයිසා මහත්මයා තමයි තමයි ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කරලා තිබ්බේ. ඇත්තටම ඒක අහම්බයක්. ඒ අහම්බයෙන් වෙච්ච දේ තමයි අද මගේ වෘත්තීය වෙලා තියෙන්නේ”

අපි නිතරම දකිනවා කාවින්ද්‍යා මනාලියක් විදියට හැඩවෙලා චායාරූප වලට පෙනී ඉන්නවා. ඉතින් දැන් ඇත්තම මනාලියක් වෙන්න හිතෙන්නේ නැද්ද ”මම තවම ඒ දේ සැලසුම් කරලා නෑ, ඒකට විශේෂම හේතුව තමයි මේ ජීවිතේට ගැලපෙන කෙනා තවම මට මුණගැහිලා නෑ. එහෙම කෙනෙක් ඇවිත් ඒ ආව කෙනා හරිම කෙනා කියලා දැනගත්ත දවසට මම විවාහ වේවි මට කිසිම හදිස්සියක් නෑ විවාහ වෙන්න. මොකද කලබලෙන් හදිස්සියේ වෙන්න ඕන දෙයක් නෙවෙයි විවාහය කියන්නේ.

කළා කාරිනියක් විදියට අද ඉන්න තැන ගැන තෘප්තිමත්ද ”ඔව් මට මම ගැන හරිම තෘප්තිමත්. ඒ වගේම මට මම ගැන සතුටුයි. මොකද හැමදේටම වඩා මට ගොඩක්ම වටින්නේ නිර්මාණයක් වෙනුවෙන් මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය. ඒ ආදරය හැමෝටම ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිව කොහේදී දැක්කත් ලඟට ඇවිත් ප්‍රේක්ෂකයෙක් කතා කරද්දී දැනෙන්නේ ලොකු සතුටක්.”

Related Posts

Leave a Reply

Your email address will not be published.