හමුවීම් අප හාදවී ගිවිසගැනීම් ආ දුර – වසති කණ්ඩායමේ හිරුෂ සුරූපී බිරිඳ වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

ලංකාවේ කාලෙන් කාලෙට විවිද තරු බිහි වෙනවා රුපවාහිනී නාලිකාවලින්, ෆේස්බුක් එකෙන් යුටියුබ් එකෙන් මේ වගේ තරු කාලෙන් කාලෙට පායනවා හැබැයි මේ තරු අතරින් හැමෝගෙම ආදරේ දිනාගෙන කාලයක් කළා ලෝකයේ ඉහලින්ම ඉන්න අවස්තාව හිමිකරගන්නේ බොහොම සුළු පිරිසක් විතරයි, කළා ලෝකයට නිතරම එකතුවෙන්නේ කාන්තාවක්, බොහොම සුළු පිරිසක් තමයි තරුණයන් එකතු වෙන්නේ, ඉතින් මේ විදියට යුටියුබ් හරහා හැමෝම අතර ජනප්‍රිය වෙලා තාමත් ලංකාවේ හැමෝගේ ආදරේ දිනාගෙන ඉන්න යුටියුබ් කණ්ඩායමක් තමයි ‘වසති ප්‍රොඩක්ෂන්’ කියන්නේ’

බින්දුවේ ඉඳලා පටන් අරගෙන වසති ටීම් එක මේ දක්වා ආව ගමන ජීවිතේ ජයගන්න ඉන්න හැමෝටම ගොඩක් ලොකු ආදර්ශයක්, වසති නාලිකාව ආරම්බ කරන්නේ අනුෂ්ක උදාන විසින්, ඒ වගේම අනුශ්කගේ හොඳම යහළුවා වන දුලාජ් සමග, අනුෂ්ක වගේම හැමෝම දුලාජ්ට ආදරේට කියන්නේ තඩියා කියලා, අනුශ්කගේ හීනය වුනේ ගායකයෙක් වෙන එක, නමුත් ගායන ක්‍ෂේත්‍රයේ තිබ්බ කැපිලි කෙටිලි නිසා අනුශ්කට ඒ හීනය සැබෑ කරගන්න බැරි වුනා, ඒ කඩා වැටීම එක්කම තමයි අනුශ්කගේ හොඳම යාලුවන්ගේ දිරිමත් කිරීමත් එක්ක ඔහු වසති කියන යුටියුබ් නාලිකාව ආරම්භ කරන්නේ,

වසති කණ්ඩායම යුටියුබ් වෙත මුලින්ම උඩුගත කරන්නේ ප්‍රහසනාත්මක වීඩියෝ, කොහොම වුනත් කාලයත් සමග අනුෂ්ට ඔහුගේ වසති යුටියුබ් නාලිකාව හරහාම ඔහුගේ ගායකයෙක් වීමේ හීනය සැබෑ කරගන්න හැකි වෙනවා, වසති කණ්ඩායමේ මේ ජනප්‍රියත්වය සියට සියයක්ම අනුශ්කට උදානට සහ දුලාජ්ට දෙන්න බෑ මොකද මේ චැනල් එක මෙතරම් ජනප්‍රිය වෙන්නේ මේ දෙදෙනාගේ යාළුවන් හැමෝම උදවු කළා, ඒ අතරින් ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය වුන චරිතයක් තමයි අඩේයි කියලා කෑගහන හිරුෂ ප්‍රනාන්දු, ඉතින් වසති කණ්ඩායමට නැතුවම බැරි හිරුෂ කියන්නේ පරිප්පු වගේ චරිතයක්, එහෙම කියන්න හේතුව තමයි වස්ති වීඩියෝ එකක හිරුෂ නැත්නම් ඒක පරිප්පු නැති හෝටලයක් වගේ,

ඉතින් මේ වනවිට ලංකාවේ බහුතරයක ආදරේ දිනාගෙන ඉන්න හිරුෂ පසුගිය දවසක ඔහුගේ සහ ඔහු අතිනත ගත් ආදරණීය බිරිඳගේ පලවෙනි විවාහ සංවත්සරය සැමරුවා ඒ වෙනුවෙන් හිරුෂ අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබ්බා ඒ ‘හමුවීම් අප හාදවී ගිවිසගැනීම් ආ දුර දින 365 ක් සපරීම 21 වන සැප්තැම්බරයේ විය.’ කියලා, හිරුෂගේ මේ සටහනට වස්ති රසික රසිකාවියන් විශාල සංඛ්‍යාවක් සුබපැතුම් එක් කරලා තිබ්බා, ඉතින් අපිත් වසති කණ්ඩායමේ හිරුෂට ගොඩක් ආදරණීය යුගදිවියක් ගතකරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබපතමු නේද..?

Related Posts

Leave a Reply

Your email address will not be published.