හදවතක් බිඳුනම තියෙන වේදනාව මම දන්නවා – මාධවීගෙන් වෙන්වුන මිලාන් පළමු වරට කට අරී

කළා ඉන්න රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මාධවීගේ විස්තර ටිකක්, මාධවී මොකද දැන් වැඩිය පේන්න නැත්තේ ”මේක මගේ ජීවිතේ ගොඩක්ම අපහසු කාලයක් ගත කරන්නේ මොකද මේ වනවිට මගේ තාත්තා රෝහල් ගතකරලා ඉන්නේ, ඒ වගේම මානසික වශයෙන් ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නේ, කොහොම වුනත් පොඩි විවේකයක් අරගෙන මම ආයේ මගේ වැඩ පටන් ගන්නවා”

මාධවී ලැබෙන නිර්මාණ තෝරාගන්නේ කොහොමද..? ”මම මුලින්ම බලන්නේ ලැබෙන නිර්මාණයේ තියෙන ගුණාත්මක බාවය, ගොඩක් අය කියනවා මම රඟපාන්නේ තාත්තගේ නිර්මාණවල විතරයි කියලා ඇත්තටම එහෙම නෑ, මම වෙන අයගේ නිර්මාණවලත් රඟපානවා, මම තනි කෙනෙක් නෙවෙයි මාධවී වත්සලා කියන කෙනා ජැක්සන් ඇන්තනී, කුමාරි මුණසිංහ, සජිත අනුත්තර, අඛිල ධනුද්ධර කියන පවුලේ හැමෝම නියෝජනය කරනවා, හැබැයි මට අනන්‍ය වුන හැඩයක් තියෙනවා, මම නිර්මාණයකට සම්බන්ද වෙන්නේ මගේ පවුලේ අනිත් අය ගැනත් හිතලා”

වැඩ කරද්දී මල්ලිලා දෙන්නා සහ ඔයා අතර තරඟයක් නැද්ද..? ”අනේ නැහැ අපි තුන් දෙනා තුන් විදියක්, අපි තාම වර්ධනය වෙනවා, අපි තුන්දෙනාටම හොඳට සින්දු කියන්න පුළුවන්, රඟපාන්නත් පුළුවන්, හැබැයි අපි තුන්දෙනා හැඩ තුනක්, ඒ නිසා අපි අතර තරඟයක් නෑ, අපි එකිනෙකාට හරිම සහයෝගයෙන් වැඩ කරනවා, අපි අතර කිසිම තරගයක් නෑ”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න මාධවී විවාහ වෙන්නේ මිලාන් සිල්වා සමග, කාලයක් ඉතාම ආදරෙන් හිටපු මේ යුවල දැන් ඉන්නේ වෙන් වෙලා, මේ සිදුවීම පිලිබඳ මාදවී මාධ්‍යවලට විවිද කතා කියලා තිබ්බා කොහොම වුනත් මිලාන් තවම මේ පිලිබඳ කිසිම ප්‍රකාශයක් සිදු කරලා නෑ, හැබැයි මිලාන් හරිම අපුරු සටහනක් සමාජ ජාලා ගිණුමකට එකතු කරලා තිබ්බා ඒ තමයි ‘හදවතක් බිඳුනම තියෙන වේදනාව මම දන්නවා. නමුත් ඔයාව තේරුම් ගන්නෙ නැති කෙනෙක්ව නැති කරගන්නවා කියන්නෙ ඔබේ පරාජයක් නෙවෙයි.’ කියලා, කොහොම වුනත් මේ දෙදෙනාගේ සම්බන්දයෙ ඇත්තටම මොකද්ද වුනේ කියලා අපි හරියම දන්නේ නැති නිසා මේ දෙන්නටම චරිත සහතික දෙන්නේ නැතුව ඉමු නේද..?

Related Posts