Tue. May 17th, 2022

කළා ලෝකයේ නොමියෙන මතක රැසක් එකතු කරපු අති ධක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගිරිරාජ් කෞෂල්‍ය කියන්නේ. ‘සිකුරුහතේ’ ‘සුහද කොකා’ ‘කතුරු මිතුරු’ වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ගිරිරාජ් මෑත කාලයේ අතිශය ජනප්‍රිය වුනේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය හරහායි එම නාට්‍ය හරහා ජනප්‍රිය වුන ගිරිරාජ් පසුව එම නාට්‍යයෙන් ඉවත්වෙනවා. ඒ ඔහුගේ රෝගී තත්වය හේතුවෙන්.

කොහොම වුනත් පසුව ගිරිරාජ් පිලිබඳ විවිද කටකතා සමාජ ජාලාවල පැතිරුනා. නමුත් එම කට කතාවල කිසිම සත්‍යතාවයක් නැතිබව දැනගන්න ලැබුනා, ඉතින් මේ පිලිබඳ ගිරිරාජ් කිවුවේ මේ වගේ කතාව ” කළා කාරයෙක්ට මොකක් හරි කරදරයක් වුනාම විවිද කට කතා පැතිරෙනවා ඒක සාමාන්‍ය දෙයක් විදියට මම දකින්නේ. හැබැයි ඒ වගේ ව්‍යාජ පුවත් මවන්න කලින් පොඩ්ඩක් කියන්න ඕන ඒ මනුස්සයාගේ මානසික මට්ටම ගැන. එහෙම වෙන මිනිහෙක් ගැන හිතන මිනිස්සු අඩු කාලයක් මේක ඒ නිසා ඒ දේවල් වලට මම හිත රිද්දගන්නේ නෑ.” කියලයි.

ඒ වගේම මේ වනවිට සුවවී සිටින ගිරිරාජ් ඔහුගේ සමාජ ජාලා ගිණුමට අපූරු සටහනක් එකතුකරලා තිබුනා ඒ තමයි ‘සුව ප්‍රාර්ථනා කළ හැමෝටම ස්තුතියි’ කියලා. ඒ විතරක් නෙවෙයි ගිරිරාජ් කෞෂල්‍ය ගේ සුන්දර කැදැල්ලේ පින්තූර කිහිපයකුත් සමාජ ජාලාවලට එකතුකරලා තිබ්බා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *