Sat. May 21st, 2022

විනු සිරිවර්ධන කියන්න බොහෝ දෙනෙක් දන්නා අඳුරන රංගන ශිල්පිනියක්. ඇය තවමත් යොවුන් වියේ පසුවන නිසාම බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරනවා. ඉතින් විනු විවාහ වුණේ කථිකාචාර්යවරයෙක් සමග. මේ වන විට ඇය ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. කොහොම වුණත් විනූ කියන්නේ මාධ්‍ය එක්ක කල්පනාකාරීව කටයුතු කරන කෙනෙක් නේද, ඇත්තටම මාව ප්‍රශ්න අහල නම් අමාරුවේ දාන්න කිසිම කෙනෙකුට ලේසි වෙන එකක් නැහැ. මම පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරන කෙනෙක් නෙවෙයි.

විනූ විවාහ වුණේ කලා ක්ෂේත්‍රයේ කෙනෙක් සමග නෙවෙයි .ඔබට හිතුණේ නැද්ද කලා ක්ෂේත්‍රයේම කෙනෙක් විවාහ කරගන්න, ඒක එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. සමහර වෙලාවට කලා ක්ෂේත්‍රයේම කෙනෙක් විවාහ කරගන්න එක අපේ ගමනට ලොකු හයියක් වෙන්නත් පුළුවන් නමුත් සමහර වෙලාවට ඒක බාධාවක් වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ වෙන්නත් තමන්ට ගැළපෙන කෙනා ළඟ ආදරයක් අපට දැනෙන්න ඕන.

විනු කොහොමද චරිතයක් තෝරගන්නේ, මුලින්ම මම කරන්නේ තිර පිටපතේ ලියවිලා තියෙන චරිතය මට ගැළපෙන චරිතයක් ද කියලා බලන එක. මොකද මම කරන චරිතෙන් මට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මම මුලින්ම මාව තක්සේරු කරගෙන තමයි වැඩේට යන්නේ. අනික මම කැමැති නෑ එකම චරිතයකට කොටු වෙන්න. හැම රංගනයකම පරාසයක් විඳින්න මම කැමතියි.

ඉතා කෙටි කාලයක් තුල ඔබ බොහෝ ජනප්‍රිය චරිතයක් වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ, මම ගොඩක් දුරට මගේ ගමන හෙමින් යන කෙනෙක්. මට අවුරුදු කිහිපයක අත්දැකීම් තියෙනවා. ඉතින් මට රසිකයින් වගේම ක්ෂේත්‍රය අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මට ජනප්‍රියත්වය කියන දේ ඉක්මනින් ළඟා කරගන්න ඕන නැහැ. මම කරන චරිත වලට සාධාරණයක් කරලයි මට ජනතාව අතරට යන්න ඕන. මේ සියලු කතා අතර විනූගේ උපන්දිනයක් පහුගිය දිනක යෙදුණා. එහිදී ඇගේ සැමියා ඇයව පුදුම කළ බවයි ආරංචි වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *