මේ වනවිට ලංකාවේ ඉන්න ධනවත්ම නිරූපිකාවන් අතරින් ඉහලින්ම ඉන්න නිරූපිකාවක් තමයි ත්රිකලා ධරණී කියන්නේ. ත්රිකලා වැඩිපුරම ජනප්රිය වුනේ ඇයගේ රෝසපාට රේන්ජ් රෝවර් එක නිසා. ඉතින් අද අපි කතා කරන්නේ කෝටිපති ජීවිතයක් ගතකරන ත්රිකලා සමග. ත්රිකලා කොහොමද මේ දවස්වල ”මම කොහොමත් ටිකක් කාර්යබහුලයි, පැජන්ට් ටිකක් තිබ්බා, ඒ වගේම මේ දවස්වල මම මොඩ්ලින් ක්ලාස් කරනවා. ඒ ක්ලාස් තියෙන්නේ වීකෙන්ඩ් එකේ ඒත් එකේ වැඩ නිසා මම ගොඩක්ම බිසී”
ත්රිකලා ඔබ ගොඩක්ම ජනප්රිය වුනේ ඔබගේ වාහනය නිසා. ඉතින් වාහනය තමාට ආවේණික විදිහට සකසා ගැනීමට හේතුව මොකද්ද ”මෙහෙමයි මම පුංචි කාලේ ඉඳලම වෙනස් දෙවල් කරන්න උත්සහ කරපු කෙනෙක්. මම පොඩිකාලේම හිතපු දෙයක් තමයි ගැහැනු ළමයින්ව සංස්කෘතිය කියන දෙයින් හිර කරනවා කියලා. මට ඕන වුනේ නෑ එහෙම ඉන්න. පුංචි කාලයේ පටන්ම අපේ මානසික මට්ටම රාමුගත කරලා මොට කරන නිසයි මිනිස්සු එකම තැන ඉන්නේ.
නිරූපණ කේෂ්ත්රය කියන්නේ ඇත්තටම කොහොම තැනක්ද නිරූපනය හරහා දියුණුවෙන්න පුලුවන්ද ? ”මෙහෙමයි මේ ක්ෂේත්රයේ පිටරටයි ලංකාවයි සංසන්දනය කරනකොට අහසයි පොලවයි වගේ, පිටරට වැඩකරලා ලංකාවේ වැඩකරන්න ආවට පස්සේ ලංකාවේ නිරූපණ ක්ෂේත්රය කියන්නේ මොකද්ද කියලා හිතෙනවා. ලංකාවේ හරි වෘත්තීයමය වටිනාකමක් ලැබෙන්නේ නෑ. පිටරට සුදු අය ගොඩක්ම කැමති අපි වගේ තලෙළු අයට, අපේ අය සුදු වෙන්න ඉන්ජක්ෂන් ගහගෙන ඒ තියෙන වටිනාකම නැතිකරගන්නවා”