‘සුද්දෙක් බඳිනකන් තනිකම මකා කගන්න කවුරු හැරු තියාගන්නවා’ පියුමි කියන කතාව

පියුමි හංසමාලි කියන්නේ කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්. ඇය ගැන සමාජයෙ බොහෝ දෙනා කතා කරන්න පටන් අරගෙන ඉවරයි. නිතරම සමාජයේ විවේචනයට ලක් වෙන පියුමි හා කතා කරන්න අපි හිතුවා. ජැක්සන් මහත්මයා සමඟ ඉන්දියාවේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න පියුමිට අවස්ථාව ලැබෙනවා. ඒක ජිවිතේ ලොකු වාසනාවක් බවත් තවත් නිර්මාණ තුනකට ඇය ආරාධනා භාරගත් බවටත් අප හා කියා සිටියා.

සමාජයේ අනියම් සම්බන්ධතා කියන්නේ අද සමාජයේ බොහෝ දකින්න ලැබෙන මාතෘකාවක්. ඉතින් ඔබ සමාජයේ නිතර ගැවසෙන කෙනෙක්. ඒ ගැන ඔබ හිතන්නේ කොහොමද ? “ඉටි රූපයක් වගේ ගැහැණියක් ගෙදර හිටියත් පිට යන පිරිමියා යනවමයි. හැබැයි නොයන පිරිමියා ඉටි රූප වගේ ගැහැණියක් පස්සේ යන්නේ නෑ. අපිට ගෙදර ඉන්න කෙනා මග හැරලා ඇයි වෙන කෙනෙක් හොයගන්නේ. මම වුනත් මගේ හස්බන්ඩ් මැසෙජ් කරපු කෙල්ලෝ දැක්කා. අද සමාජය එහෙමයි. හැබැයි අපි දැන ගන්න ඕනි අපිට අදාල නැති අය එක්ක අදාල නැති මාතෘකා කතා නොකර ඉන්න. “

පියුමිගේ කලින් විවාහ සිදු වෙන්නේ ආදරව කරලද? “ඔව් මම විවාහ වුනේ ආදරය කරලා. ඒ වෙද්දි මගෙ වයස අවුරුදු 18යි. හැබැයි විවාහ තිබුනේ අවුරුදු තුනක් වගේ. මොකද අපි අතරේ ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. අපි දෙන්නම කතා වෙලා තමා අපි දික්කසාද වෙන්නේ. මට එයා ගැන වෛරයක් නෑ. මොකද ඒ තමා මගේ පුතාගේ තාත්තා. මගේ පුතාට ඉන්නේ එක තාත්තායි එයාට ඉන්නේ එක පුතයි. ඒ නිසා එයාලා එයාලාට ගොඩක් ආදරෙයි. එයා නිතරම පුතාට කතා කරනවා විඩියෝ කෝල්ගන්නවා. ඉතින් ඒ වෙලාවට මමත් කතා කරනවා, කොහොම වුනත් දැන් මම තනිකඩයි. හැමෝටම ආදරයක් ඕන ඉතින් මම ආයේ විවාහ වෙනකන් තනිකම පාළුව කවුරු හරි තියාගන්නවා”

ඔබ ආයේ විවාහ වෙන්නේ කොයි වගේ කෙනෙක් එක්කද ?”මට ඕන අවංකව ආදරේ කරන කෙනෙක්. සල්ලි යාන වාහන තිබුනට වැඩක් නෑ ආදරෙ නැත්නම්. මම පුංචි කාලේ ඉදන් ජිවිතේ විදවපු කෙනෙක්. ඉතින් මම කවදා හර් කසාද බදින්නේ ගැහැණියකට ගරු කරන්න දන්න පිරිමියෙක්ව. ගොඩක් දුරට මම කැමති විදේශිකයෙක් එක්ක විවාහ වෙන්න.”

ඔබ බොහෝ දුරට ඇඟ පේන ඇදුම් අදින කෙනෙක්. ඒක ඕක පුතාට බලපෑමක් නෙවෙයිද? “මගේ පුතාට දැන් අවුරුදු 10 ගෙවිලා. ඉතින් එයාම මම අදින ඇදුම් ගැන අහනවා. මොකක්ද අම්මා ඔය ඇදුම කියලා. හැබැයි මම එයාට කියනවා ඒ ගැන හොයන්න එපා කියලා. මොකද ම⁣ට තව අවුරුදු කියද මේ වගේ ෆැෂන් කන්න පුළුවන්. හැබැයි මම තැනට සුදුසු විදිහට අදිනවා. කියන්න ඕනි දැන්නම් පුතාගෙන් නිති වැඩියි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *