සුද්දන් පවා පුදුම කල මුරුංගා ශාකයේ විශ්මිත ගුණ

දේශිය එළවළු පළතුර වල ගුණ කියලා නිම කරන්න බෑ. ඈත අතිතයේ ඉදන්ම මිනිසා දේශිය ආහාර වලට උරුමකම් කියු නිසාම නිරෝගි ජිවිතයකටද උරුමකම් හිමිකර ගත්තා. අද මෙන් නොව එදා වස විස නැති ආහාර ජිවිතයට එකතු කරගන්න ඔවුන් පෙළඹුනා. දේශිය ආහාර අතරේ මුරුංගා කියන්නේ ඉහළ ගුණදායක රසවත් ඔසු ගුණයෙන් පිරි ආහාරයක්. එදා පටන්ම මුරුංගා ගසෙන් බොහෝ ප්‍රයෝජන පවා ලබාගෙන තියෙනවා. මුරුංගා ශාකය වියළි දේශගුණික ප්‍රදේශ වලට පවා ඔරොත්තු දෙන ශාකයක්. නිර්මාංශික කෙනෙකුට දෛනික ප්‍රෝටින් ⁣ප්‍රමාණය සපය ගන්න මුරුංගා වලින් හැකි වෙනවා.

මුරුංගා වියළි කොළ වල ඇති පෝෂක ගුණය ගැන කතා කලොත්, බිත්තර හතර ගුණයක ප්‍රෝටින් තිබේ. කැරට් වල මෙන් දස ගුණයක විටමින් A තිබේ.
කිරිවල මෙන් දාහත් ගුණයක කැල්සියම් ඇත. තිරිඟු වල මෙන් 4.5 ගුණයක් විටමින් E තිබේ. නිවිතිය වල මෙන් විසිපස් ගුණයක් යකඩ තිබේ. සෝයා බෝංචි මෙන් දෙගුණයක් ප්‍රෝටින් තිබේ. කෙසෙල්වල මෙන් පහළොස් ගුණයක් පොටෑසියම් තිබේ. ඌරු මස්වල මෙන් දස ගුණයක් විටමින් B3 තිබේ. සාඩින්වල මෙන් 50 ගුණයක් විටමින් B2 තිබේ.

යෝගට්වල මෙන් නව ගුණයක් ප්‍රෝටීන් තිබේ. හරක් මස්වල මෙන් 4.5 ගුණයක් ෆෝලික් ඇසිඩ් තිබේ. රට කජුවල මෙන් 50 ගුණයක් විටමින් B3 තිබේ..
ඇපල්වල මෙන් පස් ගුණයක් තන්තු තිබේ. අමු මුරුංගා කොළවල දොඩම්වල මෙන් 07 ගුණයක් විටමින් C තිබේ.

මුරුංගා වල ඔසු ගුණය ගැන කතා කලොත්,මෙය පිළිකා නාශක ඔසුවකි. ප්‍රතිශක්තිය ඇති කරයි.අධි රුධිර පීඩනය අඩු කරයි. ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ද හිතකර වේ. මල බද්ධය ආදී ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සඳහා ද යෝග්‍ය වේ. ඇසේ පෙනීමට ද උපකාරී වෙයි. සම රැලි වැටීම වළක්වාලයි. හිසකෙස් වර්ධනයට මෙන්ම තුවාල හොඳ කිරීමට ද කදිම ඖෂධයකි. රක්තහීනතාවය මැඩලීමට අවශ්‍ය යකඩ සපයයි.

ආහාර ලෙස ගත් කළ බොහෝ දෙනා මුරුංගා කරල වෙත පමණක් අවධානය යොමු කළද මුරුංග ගහේ අනෙකුත් සියලු දේ ද ආහාරයට ගත හැක. මුරුංගා කරල් වලින් රසවත් වෑංජනයක් ද පත්‍රවලින් වෑංජනයක්, මැල්ලුමක්, සම්බෝල, සුප්, හා කැඳ ද, මුරුංගා මල් වලින් වෑංජනයක්ද නැතිනම් තම්බා පානයක් ලෙසද භාවිතයට ගත හැක. මුරුංගා ඇට කබලේ බැද ව්‍යංජනයක් ලෙස භාවිතයට ගත හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *