සීයට නොදෙවෙනි මුණුපුරාත් වැඩට බහී, විනුජ කරන්න යන අලුත් වැඩේ ගැන දන්නවද

වික්ටර් රත්නායක කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ නමක් දිනු ප්‍රවීණ ගායකයෙක්. ඔහුගේ හඩට සමකළ හැකි හඬක් තවමත් බිහි වී නැහැ. අපි කතා කරන්නේ ඔහු ගැනනම් නොවේ. ඔහුගේ මුනුබුරා ගැනයි. සංගීත ක්ෂේත්‍රයට අලුත් වැඩක් කරන්න යන මොහු ගැන අපි කතා කරන්න හිතුවා. නමින් ඔහු විනුජ තාරුක. ඔහු මුලින්ම අප හා කියා සිටියේ ඔහුට මේ සියලු ආභාෂයන් තම සීයාගෙන් ලැබුණ බවයි. ඒවගේම තමන්ගේ සීයා තමයි නිරන්තරයෙන් තමන්ගේ පිටුපස ඉන්නේ කියා.

ඔබේ ළමා කාලයේ සංගීත ජීවිතය ගැන මතක් කළොත්, 2016 වසරේ දී තමයි මගේ මුල්ම ගීතයක් එළියට එන්නේ. ඒක නිර්මාණය කරලා දෙන්නෙත් මගේ සීයා. මගේ තමයි අප්පච්චි එකතුවෙලා මට ළමා සංයුක්ත තැටියක් නිර්මාණය කරලා දෙනවා. මේ සංයුක්ත තැටිය 2016 වසරේදී රාජ්‍ය සංගීත සම්මාන උළලේ හොඳම ළමා ගී සංයුක්ත තැටිය බවට පත්වෙනවා. මගේ අප්පච්චි ඩ්‍රම්ස් වාදකයෙක්. මම තාත්තගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

මේ දවස් වල කවුරුත් ආසාවෙන් අහන අනේ මන්දා ගීතය ගැන මතක් කළොත්, මේ ගීතයේ පද රචනය, සංගීතය වගේම තනුවත් මගේම නිර්මාණයක්. වීඩියෝව කරන්න මගේ යාළුවෝ කීප දෙනෙක් උදව් කළා. මේ ගීතය සියලු වැඩ කටයුතුවලට මට උදව් කළේ අවුරුදු 19 ක කොල්ලො තුන් දෙනෙක්. මේ හැමදේම එක්ක දෙරණ නාලිකාව එක්කත් මගේ වැඩ කටයුතු කිහිපයක් සිද්ධ වෙනවා. මේ තමා දෙරණ සිටි ඔෆ් මියුසික්.

ඔබ සංගීතය තුළින් වෙනම ගමනක් යන කෙනෙක් නේද, මේ දවස්වල මම මිඩ්ලේන් කියන බැන්ඩ් එකත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ එක්කම මගේ ගීත කිහිපයකුත් නිර්මාණය කරනවා. මම වැඩ කරන්නේ සජිත ඇන්තනි එක්ක. මම මීට කලිනුත් නිර්මාණ කීපයක්ම එළි දක්වලා තියෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *