Sat. Jun 25th, 2022

ටෙලිවිෂන් කලාවට අලුත් අලුත් දේවල් එකතු කරන රූපවාහිනී නාලිකාවක් විදියට සිරස ටීවී හඳුන්වන්න පුළුවන්. Capital Maharaja සමූහ ව්‍යාපාරයට අයත් සිරස නාලිකාව ආරම්භ කරන ලද්දේ 1998 වර්ෂයේදී. එදා පටන් අද වෙනකන් රූපවාහිනී කලාවට වෙනසක් එකතු කල සිරස නාලිකාව අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් විකාශනය කළා. ඒ වගේම වර්තමානයේ විකාෂනය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ‘පියාඹන මූනිස්සම්’ ‘හිත ළඟ හිනැහුනා’ ‘රහයි ජීවිතේ’ වැනි ටෙලිනාට්‍යත් මේ වනවිට අතිශය ජනප්‍රියයි.

ඒ වගේම සිරස නාලිකාවේ විකාශනය කල තවත් ජනප්‍රියම වැඩ සටහනක් තමයි සිරස ලක්ෂපති කියන්නේ. මෙම වැඩසටහන මෙහෙයවුයේ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතායි. ඔහුගේ ආදරනීය බිරිඳ තමයි තාරකා වාසලමුදලිආරච්චි ඉතින් තාරකා චන්දන මහතා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”අපි දෙන්නා කවදාවත් අපිට කරදරයක් වුන අය නෙවෙයි. එලියට ගියාම එයා කෝල් කර කර අහන්නේ නෑ මම ඉන්නේ කොහෙද කියලා. මම එයා ගියාම අහන්නෙත් නෑ. ඒ කියන්නේ අපි අතර ආදරය ආරක්ෂාව නැහැ කියන එක නෙවෙයි. මම කතා කරලා තමයි මම ඉන්න තැන ගැන කරන දේවල් ගැන එයාට කියන්නේ එයත් එහෙමයි. අපිදෙන්නට දෙන්නා ගොඩක් විශ්වාසයි, ආදරය පවතින්නේ විශ්වාසය මත කියලයි අපි දෙන්නම හිතන්නේ”

ඉතින් කාගේත් ආදරය දිනාගෙන ඉන්න චන්දන සූරියබණ්ඩාර මහතා ටිකක් කනගාටුදායක පුවතක් පිලිබඳ සමාජ ජාලා හරහා දැනුම්දීලා තිබුනා ඒ ඔහුගේ සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ තමයි ”සිරස ලක්ෂපති නිමයි. සිරස ලක්ෂපති(whowantstobeamillionaire Sri Lanka) නැරඹූ එයට සහභාගී වූ, අයදුම්කළ , අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ, දෝෂ පෙන්වා දුන්, අපව දිරිමත් කළ සියලු ආදරණීය සහෘදයන්ට අනේකවාරයක් ස්තුතියි! විශේෂයෙන්ම අපට අපමණ ආදරයක් දක්වන හැම දරුවෙකුටම අපි ආදරයෙන් ස්තුති කරමු! සිරස ලක්ෂපති යනු ජාත්‍යන්තර ටෙලිවිෂන් වැඩසටහන් ප්‍රමිතීන් අනුගමනය කරමින් නිෂ්පාදනය කළ යුතු වැඩසටහනකි. එහිදී 100% අපගේ නිෂ්පාදන බලකායේ ශක්තිය අත්‍යාවශ්‍යයි. ජාත්‍යන්තර තලයේ සිටින අපගේ දැවැන්ත නිෂ්පාදන කණ්ඩායම ජාත්‍යන්තර Who wants to be a millionaire වැඩසටහනේ ප්‍රමිතිය පවා ඉහල නැංවීමට සමත්කම් දැක්වීම අපට ආඩම්බරයට කරුණකි. ස්ටයින් ස්ටුඩියෝහි මගේ ආදරණීය සගයන්ට මගේ කෘතවේදීත්වය පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි. ස්තුතියි” කියලා කොහොම වුනත් චන්දන සූරියබණ්ඩාර මහතාගේ ආදරණීය රසිකයන් නම් මෙම වැඩසටහන නතර කරනවාට කැමති නෑ කියලා ඔහුගේ සටහනට කමෙන්ට් කරලා තියෙනවා, ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොකද්ද?