‘සිංදු කියලා ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි’ කඩවසම් ගායක මලිත් කියන කතාව

සිරස සුපර් ස්ටාර් තරගයේ දෙවැනි තැන හිමිකර ගත් ඔහු නමින් මලිත් පෙරේරා. ගායකයෙක් විදිහට ලංකාව තුළ ඔහු ජනප්‍රිය වුණත් ඔහු ඔහුට ලැබුණ කිරුළ පවා අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු ගැනයි. සුපර්ස්ටාර් වේදිකාවේ පරණ මතක ගැන මතක් කළොත්, ”ඒ මතක හරි සුන්දරයි. ඒ ගැන මතක් කරද්දී පවා මට දැනෙන්නේ මාරම සතුටක්. මොකද මට අවසන් මහා තරගය නියෝජනය කරන්න ලැබෙනවා. ඒ කාලේ මම ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්. ඒ කාලේ ලැබුණත් ප්‍රතිචාර එක්ක බලද්දි ඇත්තටම මට හරි පුදුමයි. මගේ නම කියලා කෑගහන සද්දෙ තවමත් මට ඇහෙනවා. අවුරුදු දාහතක කොල්ලෙක් ට එතරම් එතරම් ආදරයක් ලබන්න ඇත්තටම වාසනාවක් තියෙන්න ඕනෑ. එදා තරගය මට දිනන්න බැරි වුනත් මම ජීවිතේ දිනුවා.”

එහෙම ජනප්‍රියත්වයක් හිමි උන ඔබ ලංකාව අතහැර යන්නේ ඇයි, ”ඇත්තටම ලංකාවෙ සංගීතය කරලා ජීවත් වෙන්න බැහැ. මට ස්ථාවරත්වයක් ඕනෙ වුනා.සංගීතය කියන දේ මම අතහැරලා නෑ. දැනට ඇල්බම් දෙක තුනකුත් කරගෙන යනවා. මම ඕස්ට්‍රේලියාවෙ ඉංග්‍රීසි සින්දු ගායනා කරනවා.”

ඔබ ලංකාවේ නොසිටියත් මිනිස්සුන්ට ඔබව අමතක නැහැ නේද, මෙහෙමයි මට හැම වෙලාවකම ලංකාවට එන්න බැහැ. කිසියම් අරමුණක් වෙනුවෙන් තමයි මම ලංකාවට එන්න ඕනේ. මම ආවා නාවාකියලා වෙනසක් නැහැ.මොකද ඉස්සර ඉස්සර වගේම මට මිනිස්සු ආදරෙයි. ගේ ගීත මතකයි. කොහොමත් රියලිටි කලාවේ මුල්ම පුරුක් අපි. ඒ නිසාම ගොඩක් අයට අපිව මතකයි. ඒ අයට අපිව අමතක වෙනවා අඩුයි.”

පරණ යාලුවො එහෙම මුණගැහෙන්නේ නැද්ද, ”ඇත්තටම ලොකු ආශ්‍රයක් නැහැ .මම ලංකාවෙ නැති නිසා ගොඩක් අයගෙන් ඈත් වුණා .අනික හැමෝම දැන් කාර්යබහුල ජීවිත ගත කරන්නේ.අපි හැමෝටම සුපර්ස්ටාර් නිසා තමයි මේ තැන ලැබුණේ. ඉතින් අපි හැමෝම හරි විදිහට හරි තැන තෝර ගත්තා. යාළුකම කියන දේ හැමදාම හදවතේ තියෙනවා”

ගෙදර අය ගැනත් මතක් කළොත්, මගේ ජීවිතේ මගේ ලොකුම හයිය මගේ හෙවණැල්ල මගේ තාත්තා .අක්කලා දෙන්නත් මගේ ජීවිතේ හදාගන්න ලොකු උදව්වක් දෙනවා.පවුලෙන් මට ලොකු සහයෝගයක් මගේ ගමනට ලැබෙනවා . ගොඩක් සතුටුයි මට මේ වගේ පවුලක් ලැබීම ගැන.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *