සැමියාගේ වැඩත් ඔක්කම කරන්නේ මම – ජනප්‍රිය නිලි හිමාලි සිරිවර්ධන

නිතරම කළා ලෝකයේ දකින්න නොලැබුනත් හැමෝගෙම හදවත්තුළ ආදරණීය විදියට ජීවත්වෙන රංගන ශිල්පිනියක් තමයි හිමාලි සිරිවර්ධන කියන්නේ, ඒ වගේම කළා ලෝකයේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් විදියටත් හිමාලිව හඳුන්වන්න පුළුවන්, ඉතින් අද අපේ කතාබහට එකතුවෙලා ඉන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන හිමාලි සමග, හිමාලි කලින් කලට තමයි කළා ලෝකයෙන් දකින්න ලැබෙන්නේ, ඔබ නිතරම්ම රඟපාන්න එන්නේ නෑ නේද..? ”එහෙම දෙයක් නෑ, මම අම්මා කෙනෙක් වුනාම ටිකක් මහත්වුනා, ඊටපස්සේ මම අවුරුදු තුනක් යනකන් රඟපාන්න ගියේ නෑ, ඊටපස්සේ තමයි මම රඟපාන්න ගියේ, ඒත් පහුගිය කාලේ රටේ ප්‍රශ්නත් එක්ක වැඩ ගොඩක් මගහැරුනා”

හිමාලිගේ ගෙදර ජීවිතේ කොහොමද ”දැන් ඉතින් ඉස්සර තරමටම සරල නෑ, මොකද බබාගේ වැඩ ඒ වගේම ගෙදර වැඩ ගොඩක් තියෙනවා, ඒ වගේම පුතා දැන් පෙරපාසල් යනවා, ඉතින් ඒ දේවල් වලටත් යන්න වෙනවා, මගේ සැමියා කොහොමත් ගොඩක් කාර්යබහුලයි නේ, ඉතින් එයාට ගොඩක් දේවල් ගැන බලන්න බෑ මම තමයි එයාගේ වැඩත් හොයලා බලලා කරන්නේ, හැබැයි වගකීම් වැඩි වුනත් පවුලක් එක්ක ගෙවෙන ජීවිතේ හරිම සුන්දරයි”

රංගනය නර්ථනය දෙකෙන් එකක් තෝරාගන්න කිව්වොත් ඔයා තෝරාගන්නේ මොකද්ද ”අහන්න දෙයක් නෑ නර්ථනය තමයි, අදටත් නර්තනය අංශයෙන් තනියම හරි මොනවා හරි කරන්න ඕන කියලයි හිතෙන්නේ, ඒත් රටේ ප්‍රශ්න එක්ක සමහර වැඩ ගොඩක් කල් ගියා, මම හරිම ආසයි නටන්න, හැබැයි පහුගිය දවස්වල තිබ්බ රටේ ප්‍රශ්න නිසා හැම වැඩක්ම අතරමග නතරවෙලා තියෙන්නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.