සාරංග, දිනක්ෂි එක්ක මට පුදුම බැඳීමක් තියෙන්නේ – සංගීතා වීරරත්න

මෙරට සිනමා කරණයේ තරු ගුණය රැකගත් රංගන ශිල්පිනියන් අතරින් ඉහලින්ම ඉන්න තාරකාවක් තමයි සංගීතා වීරරත්න කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත්ත් සිනමා රංගන ශිල්පිනියක වන සංගීතා වීරරත්න සමග, ඉතින් සංගීතා කොහොමද ආදරණීය දියණිය සහ සැමියා රොෂාන්ත එක්ක ගෙවන ජීවිතය ”මෙහෙමයි ඇත්තම කියනවනම් අපේ පවුලේ ඉන්නේ මම දුවයි රොෂාන් විතරක් නෙවෙයි, රොෂාන්ගේ අම්මා, මගේ නෑනලා ඔක්කොමලා ඉන්නවා, ඒ නිසා මට කිසිම වෙලාවක පාළුවක් දැනෙන්නේ නෑ, මම හරිම ආසයි ගෙදර පිරිලා ඉන්නවට, ගෙදර ගොඩක් කට්ටිය ඉන්නකොට ඒක ලොකු ශක්තියක්,”

සංගීතා ඇයි ඉස්සරවගේ රඟපාන්නේ නැත්තේ..? ”රංගන ශිල්පිනියක් විදියට ලැබෙන සෑම චරිතයක්ම රඟපාන්න ඕන කියලා මම හිතන්නේ නෑ, සාමාන්‍යයෙන් මම කැමතියි රංගනයේදී නරඹන්නාගේ ජීවිතයට වගේම ඒ අත්දැකීම එක්කරන වෙනසට මම ආසයි, මෑත කාලයේ මට දිගටම මට ටෙලිනාට්‍යවලටත් ආරාධනා ලැබුනා, හැබැයි ළඟදී ලැබුන පිටපතකට මෙගේ හිත ගිහින් තියෙන්නේ අපි බලමු ඉස්සරහට”

වයස්ගතවීම අපි කිසිම කෙනෙක්ට වලක්වන්න බෑ නේ, ඔබ වගේ චරිතයකට ඒක ගොඩක් වැදගත්, ඉතින් ලස්සන පෙනුම ටිකෙන් ටික ඈත්වෙන එක ගැන සංගීතා මොකද හිතන්නේ..? ‘ඒ වෙනස දරාගන්න එක ලේසි නෑ, එක හදවතට ගොඩක් දැනෙන දෙයක්, කොහොමත් මීට අවුරුදු තිහකට කලින් හිටපු මම නෙවෙයි දැන් මම, හැබැයි මගේ තාත්තා මට ලස්සන් කතාවක් කියලා දීලා තියෙනවා ඒ තමයි කන්දක් නැග්ගොත් පැල්ලමක් බහින්නම වෙනවා, ඒ නිසා ඒකට පුරුදු වෙන්න කියලා, පොලවේ පයගහලා ඉන්න තමයි අම්මයි තාත්තයි මට ඒ කාලේ ඉඳලම කියලා දුන්නේ, ගැහැනියක් විදියට මේ වෙනස්කම මට පුදුම වදයක්, හැබැයි මම ඒකට පුරුදු වෙනවා,”

සිනමාවේ ඔබේ යහළුවන් යෙහෙලියන් එක්ක තියෙන බැඳීම කොහොමද..? ”ඒ බැඳීම එදා වගේම අදටත් එහෙමම තියෙනවා, යශෝධා, චන්න පෙරේරා, දමිත්, දිල්හානි, වගේම ඊට කලින් පරපුරේ ජීවන් අයියා එක්ක එහම තියෙන බැඳීමත් අදටත් එහෙමමයි, අපි පුළුවන් හැම වෙලාවේම කතා කරනවා තොරතුරු බෙදාගන්නවා, ඒ වගේම මෑත පරපුර වෙන ශාලානිලා, පුබුදුලා, වගේම සාරංග දිනක්ෂිලා එක්කත් මට පුදුමාකාර බැඳීමක් තියෙන්නේ, ඇත්තටම මම ගොඩක් ආදරෙයි ඒ අයට, එයාලත් එහෙමයි,

Related Posts

Leave a Reply

Your email address will not be published.