Fri. Jan 28th, 2022

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදිකාවක් මෙන්ම නර්තන ශිල්පීනියක්. පවුලෙන් ලැබුණ ආභාෂය නිසාම ඇයි කලාවට සම්බන්ධ වුණා. ඇය අතිනත ගත්තේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමගින්. මේ වන විට ඔවුන් දෙදෙනා ආදරණීය දෙමාපිය යුවළක් බවට පත් වී හමාරයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දිනක්ෂි ගැන.

විවාහයෙන් පස්සේ සාරංග ඔබට නීති දැම්මෙ නැද්ද රංගනයට, ”කවදාවත් එයා මට නීති දාලා නැහැ. අපි බොහොම සරලව ජීවිතේ තේරුම් අරගෙන සරලව ගත කරනවා. අපි හොඳ අවබෝධයකින් තමයි අපේ ගමන යන්නේ. මගේ ගොඩක් වැඩ වලට උදව් කරන්නේ සාරංග. මම රඟපාන කාලේ මගේ චරිත වලට සාධාරණය කරන්න තමයි යමට කියලා දුන්නේ. මම බැහැ කියන චරිත පවා එයා මට කරන්න කියලා දුන්නා. මම ගොඩක් තැන් වල තැන්වලදී සාරංග කියන දේ අහනවා.

අග්නි පියාපත්වල සාරංග ශලනි දෙන්නා ප්‍රේමණිය චරිත ඉදිරිපත් කළා. ගොඩක් අය කිවුවා මේ රංගනය නිසා දිනක්ෂිගේ හිත පොඩ්ඩක් රිදිලා කියලා. ඇත්තටම ඒ අවස්ථාවලදී ඔබට දුක හිතුනෙ නැද්ද, ”කවුද කියන්නෙ මටනම් එහෙම දුකක් දැනිලා නැහැ, මොකද සාරංග මම ශලනි කියන්නේ කාලයක් තිස්සේ හොදම යාලුවෝ. අපි පියාපත් ටෙලි නාට්‍ය රූගත වෙන සමහර දවස්වල ශලනි ම මට කතා කරලා කියනවා අද නම් අග්නි පියාපත් ටෙලි නාට්‍ය බලන්න එපා මොකද මමයි සාරංගයි ක්ලෝස් අප කොටසක් රඟපානවා කියලා. ශලිනි කරේම ඒ දවස්වල මාව අවුස්සන එක එහෙම කියලා. මමයි ශලිනි අතරේ තියෙන්නෙ හොඳ සුහදශීලී යාළුකමක් .

පවුලේ කීකරුම දුව ඔබ කියන්නෙ ඇත්තද? “අම්මා නිතරම කියන්නේ මම එයාගේ හොඳ දුව කියලා. අදටත් ඒකෙ වෙනසක් නැහැ. අම්මගේ සෙනෙහස හරි පුදුමාකාරයි. අම්මා කියන්නේ කවුද කියලා මටත් තේරුම් යන්න මටත් දුව හම්බවෙන්න ම වුනා. මට අදටත් අම්මා ඒ කාලේ වගේම ආදරෙයි. වෙනදා වගේම අම්මා නංගිලාට අලුත් මහන කොට මටත් මහනවා. මම එයාලාගෙන් දුරස්වෙලා කියලා කොතනකවත් හිතෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *