සාරංගගේ ඇස් රතු කරමින් ජනප්‍රිය නිලි උමාලි නැවතත් යුගදිවියට

අපි හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ගායටන රංගනයට වගේම නර්තනයටත් දක්ෂ ඇය චරිතාංග රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන්. නිතර නිතර දකින්න නොලැබුනත් ඇය රංගනයන් දායකවන චරිත වලට කරන සාදාරනය නිසා ප්‍රේක්ෂකයන් අතර ඇය සදා නොමියෙන චරිතයක්. ඒ වගේම ඇය ලංකාවේ සම්මාන රැසකින් පිදුම්ලැබූ රංගන ශිල්පිනියක්. ඉතින් අපි අද කතා කරන්නේ උමාලි පිලිබඳ.

උමාලි කලාවට එන එක පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක් ද ? ”ඇත්තටම නෑ. මම ආසාවෙන් හිටියේ මනෝවිද්‍යාව පැත්තට යොමු වෙන්න. මම ඉගන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. ඇත්තටම මම වෛද්‍යවරියක් වනවාට වඩා මනෝවෛද්‍ය උපදේශකවරියක් වෙන්න ගොඩක් ආසා කළා. ඒ ගැන ඉගන ගන්න ඉන්දියාවටත් ගියා. ඒත් ඒක හරියට කම්ප්ලීට් කරන්න උනේ නෑ ෂූටින් නිසා ලංකාවට එන්න වුනා. ඊටපස්සේ ආයේ ඉන්දියාවට යන්නේ හිත දුන්නේ නෑ. ඉතින් ලංකාවේ ඉඳගෙන කලාවට යොමුවුනා”

මාලිගේ ජීවිතේ සුන්දරම කාලය මොකද්ද ”මගේ සුන්දරම කාලය තමයි මේ කාලය. මොකද ගතවුණු කාලය දැන් ගතවෙලා ඉවරයි. ඒක විඳලා හෝ විඳවලා ඉවරයි අපිට ආයේ ඒ කාලයට යන්න බෑ. ඉතින් මම ආස මේ ගතවෙන කාලයට මොකද ඊළඟට වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නෑ ඉතින් මම ඒක විඳිනවා. ඉතින් මේ මොහොතේ මම සතුටින් මම මේ ගෙවෙන කාලය විඳිනවා”

උමාලිට මේ වනවිට වයස අවුරුදු 34ක්. ඇය මුලින්ම විවාහ වුනේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමග. ඒ 2014 වසරේදී. නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ ඔවුන් 2018 වසරේදී එම විවාහයෙන් සමුගන්නවා. ඉන්පසු සාරංග ජනප්‍රිය නිළියක වන දිනක්ෂි සමගින් විවාහ වෙනවා. ඉතින් කාලයක් තනිකඩව සිටි උමාලි නැවතත් විවාහ ගිවිසගන්න සැරසෙනවා කියලා අපට ආරංචියක් ආවා.

උමාලි සාරංග විවාහය දෙදරා ගොස් වසර පහකට පසුව තමයි ඇය ඇයගේ ජීවිතය නැවත ගොඩනගාගන්න හදන්නේ. ලබන්නා වූ නව වසරේ ඇය විවාහ වනබවට අපට විශ්වාශවන්ත ආරන්චිමාර්ගයක් ඔස්සේ දැනගන්න ලැබුනා. ඉතින් ඇය අතිනත ගන්න සැරසෙන්නේ ඇයගේ පවුලේ සමීපතම සාමාජිකයෙක් එක්ක. සාරංගගෙන් වෙන්වුනාට පස්සේ උමාලිගේ හිත හදලා තියෙන්නෙත් ඔහු කියලයි අපිට ආරංචි.

ඇයගේ අතිනත ගන්න සැරසෙන්නේ මනෝවිද්‍යා මහාචාර්යෙක් සමග. ඇයගේ නව සහකාරයා ඇයවත් මනෝ විද්‍යා අංශයෙන් ඉදිරියට යවන්න බලාපොරොත්තු වන බවයි අපට වාර්තා වෙන්නේ. ඉතින් ජීවිතයට පැමිණි බාදක සියල්ලට සතුටින් මුහුණ දුන් ඇය ගේ අළුත් ජීවිතය සුබ වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *