ස්වේතා දුව තමයි මගේ හුස්ම ටික – විවාහවෙලා රට ගිය දියණිය ගැන ඇස්වල කඳුළු පුරවන් නලීන් කියන කතාව

ලංකාවේ ගායන ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ගායන ශිල්පියෙක් තමයි නලින් පෙරේරා කියන්නේ. ඒ වගේම ලංකාවම ආදරේ කරන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා වෙන්නෙත් නලින් පෙරේරායි. ඒ වගේම මේ වනවිට මේරියන්ස් සංගීත කණ්ඩායම පටන් අරගෙන අවුරුදු 35කටත් වඩා වැඩියි, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් ආදරේ කරන මේරියන්ස් නායක නලින් පෙරේරා සමග,

ඉතින් නලින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල වෙඩින් ටිකක් තියෙනවා, ඒ වගේම අපේ සංගීත කණ්ඩායමේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, අපි කොහොමත් විවිදත්වයක් තියෙන සංගීත කණ්ඩායමක්. අනිත් කාරණය තමයි පොඩි වෙනසක් එකතු වුනාම අපේ රසිකයිටත් ඒක එන්ජෝයි කරන්න පුළුවන් නේ. හැමදාම එකම විදියට ඉන්න බෑ නේ”

නලින් ඔබගේ ආදරණීය දියණිය දැන් විවාහ වෙලා වෙනම කැදැල්ලක් හදාගෙන පියාඹලා ගිහින් ඉතින් ඔබට මොනවගේ හැඟීමකද තියෙන්නේ..? ”ඒ හැඟීම ඇත්තටම වචන වලට පෙරලන්න බෑ. මගේ ස්වේතා දුව කියන්නේ අපේ ගෙදර සීනුව. දුව විවාහ වෙලා වෙනම පදිංචි වෙන්න යද්දී මට දැනුනේ මගේ හදවත ගලවාගෙන යනවා වගේ, මම ගොඩක්ම සමීප මගේ දුවට. ස්වේතා තමයි මගේ හුස්ම ටික. ඒ නිසා මම දුව වෙනුවෙන් සින්දුවක් කළා. හැබැයි මම කලින්ම දන්නවා එයාගේ විවාහ දිනයේ මට ඒ සින්දුව සජීවීව ගායනා කරන්න බෑ කියලා. ඒ නිසාම මම ඒක කලින් පටිගත කරලා විවාහ දවසේ මුල්ම සින්දුව විදියට දුවට තිළිණ කළා. විවාහයෙන් පස්සේ දුවයි මගේ බෑනයි විදෙස්ගතවුනා, ඒකත් දරාගන්න මට ගොඩක් අමාරුයි. ඒවට කරන්න දෙයක් නෑ ජීවිතේ අත්හැරීම් තමයි තේරුම් ගන්න තියෙන්නේ, තාත්තා කෙනෙක් විදියට සතුටයි, දුකයි දෙකම එකතු වුණු තැනක්. එයා පතපු විදියට හැමදේම සිද්ධ වුණා. දැන් මමත් මගේ බිරිඳත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ආච්චිලා සීයලා වෙන්න.”

Related Posts

Leave a Reply

Your email address will not be published.