Sat. May 21st, 2022

කාන්තාව කියන්නේ ශක්තිමත් කතක්. ඇයටද ඇගේ හැකයාව තුළින් සමාජය තුළ ඉදිරියට යන්න පුළුවන්. ජීවිතයේ අභියෝග ජයගනිමින් ඉදිරියට ගිය කාන්තාවක් ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ඇය ශෙනුකි දිශාල්‍යා. ක්‍රීඩාවට උපන් හැකියාවක් ඇති ඇය ශ්‍රී ලංකා නාමයට කීර්තියක් අත්කර දුන් තරුණියක්. තුර්කියේ පැවැත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතරක් සමගින් කිලෝග්‍රෑම් 47 බර පන්තියේ සමස්ථ ශූරතාවය දිනා ගන්න ද ඇය සමත් වුණා. 2021 ජාතික සව් එසවිමේ ශූරතාව යේදි නව වාර්තා දෙකක් සමගින් ජාතික ශූරිය වු ඇය ඇය විසින්ම තිබු ජාතික වාර්තාව බිඳ හෙලුවා. ඇගේ මව මාධ්‍යවේදිනියක්. එමෙන්ම ඇගේ පියා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් .

ඇය තම ජයග්‍රහණය ගැන කීවේ මේ වගේ අදහසක්. ”අපේ රටේ ගෑනු ළමයි තවමත් කුස්සියට කොටුවෙලා තමයි ජීවත් වෙන්න හදන්නේ. මේ ක්‍රීඩාවේදී ගොඩක් ගෑනු ළමයි හිතනවා මෙච්චර ලොකු බරක් උස්සන්න කොහොමද කියලා. මොකද මේක සාමාන්‍යයෙන් පිරිමි අය කරන ක්‍රීඩාවක් කියලයි ගොඩක් අය හිතන්නේ. ඒ නිසාම ගැහැනු අය මේකට නැඹුරු වෙනවා අඩුයි. ඉතින් මට හිතුනා සමාජයේ හිතනවට වැඩිය කාන්තාවට ලොකු බරක් උස්සන්න පුළුවන් කියල ලෝකෙටම කියන්න. මට ඕන වුණේ මගේ ශක්තියෙන් රටට ජයග්‍රහණයක් හිමි කරලා දෙන්න. ඇත්තටම මම ඒ දේ කළා.”

ශෙනුකි ජිම්නාස්ටික් වලට එන්නේ ඇයට අවුරුදු 4 සම්පූර්ණ වෙද්දී. එම ක්‍රීඩාවේ ඉදිරියටම යන ඇය කිමිදුම් ක්‍රීඩාවට යොමු වෙනවා. මේ වන විට ඇය වැඩි කාලයක් ගත කරන්නේ සවි එසවීමේ ක්‍රීඩාව සමග. ඔබේ දෙමාපියන් ඔබ මේ වගේ ක්‍රීඩාවක් තෝර් ගන්නවට කැමැති වුණාද, ”මම මුලින්ම මේ ක්‍රීඩාවට එද්දි අම්මා බය වුණා. අම්මා හිතුවේ මේ ක්‍රීඩාව නිසා මගේ ශරීරය වෙනස් වෙයි කියලා. මම මේ ක්‍රීඩාවේ සුන්දර අය පෙන්නලා තමා අම්මගෙ කැමැත්ත ඉල්ලගත්ත මේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න. මට දැන් වැඩිපුරම උදව් කරන්නේ මගේ අම්මා. මේ ක්‍රීඩාවෙන් මගේ ශරීරයට කිසිදු බලපෑමක් සිද්ධ වුණේ නෑ.කොටින්ම කාන්තා ලාලිත්‍ය පවා ඒ විදිහටහ තිබුනා.”

ඔබ මේ වගේ ක්‍රීඩාවකට යොමු වුණේ ඇයි, ”හැමෝටම තිබුන වගේ සුන්දර ළමා කාලයක් මගේ ජීවිතය තිබිලා නැහැ. කුඩා කාලයේ ඉදන්ම මගේ ශරීරය නම්‍යශීලීයි. මම මුලින්ම මේ ක්‍රීඩාවට යොමු වුණේ මගේ ශක්තිය ගැන විමසලා බලන්න. නොහිතපු විදිහට මගේ ජීවිතේ ඒ ක්‍රීඩාව වෙනස් කරා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *