සම්පත් සැරයි හැබැයි එයා තමයි මේ ලෝකේ ඉන්න සුපිරිම සැමියා – මහේෂි

රංගන ක්‍ෂේත්‍රයේ නිතර දකින්න ලැබුනේ නැති වුනත් ලාංකේය ප්‍රේක්ෂකයින් තර ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුෂන්කා කියන්නේ, ටෙලිනාට්‍ය හරහා වගේම සිනමාව හරහාත් හැමෝගෙම ආකර්ෂණය දිනාගත් ඇය මේ දවස්වලනම් කළා නිර්මාණ හරහා වැඩිය පෙන්න නෑ, ඉතින් කාලයක් කළා නිර්මාණවලට සම්බන්ද වුනේ නැති මහේෂි මධුෂන්කා සමගයි අද අපේ කතාබහ,

මහේෂි දැන් වැඩිය පේන්න නෑ මොකද මහේෂි දැන් රංගනයට සමුදීල ද..? ”නැහැ මම රංගනයට සමුදීලා නෑ, මම කෙටි විවේකයක් අරගෙන ඉන්නේ, මම දැන් අම්මා කෙනෙක් ඉතින් කලින් වගේ වෙලාව වෙන්කරගන්න ගොඩක් අමාරුයි, අනිත් රංගන ශිල්පිනියන් වගේ තන්හාවට හැමදේම බදාගෙන රඟපාන රංගන ශිල්පිනියක් නෙවෙයි මම, මගේ හිතට දැනෙන අර්ථයක් තියෙන චරිතයක් ලැබුනොත් බාරගන්නවා,”

අද වෙනකන් ආව ගමන ගැන මහේෂිට මොකද හිතෙන්නේ..? ”මම කළා ක්‍ෂේත්‍රයට එන්නේ මට වයස අවුරුදු 10දී, එදා ඉඳන් අද වෙනකන් මම ආව ගමන ගැන ඇත්තටම මම ගොඩක් තෘප්තිමත්, මේ වෙද්දී මම ආසාවෙන් හිටපු චරිත ඔක්කොම වගේ මට ලැබුනා, කළා ක්‍ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිත හඳුනා ගන්න අවස්තාව ලැබුනා, මට ආදරේ කරන ප්‍රේක්ෂයින් ගොඩක් ඉන්නවා, දැන් මට හොඳ සැමියෙක් ආදරණීය පවුල් ජීවිතයක් තියෙනවා, ඉතින් මේ දක්වා ආව ගමන ගැන මට ගොඩක් ආඩම්බරයි”

සැමියා ගැන කියන්නකෝ විස්තර ටිකක් ”මගේ සැමියා හරිම හොඳ කෙනෙක්, එයාගේ නම සම්පත්, හොඳයි වගේම තමයි සම්පත් ටිකක් සැරයි, හැබැයි එයා මට කවදාවත් තහංචි දාලා නෑ, මම එයා එක්ක විවාහ වුනෙත් ඒ නිසා, මට කලින් ප්‍රේම සම්බන්දතා ගොඩක් තිබිලා තියෙනවා, ඒ සම්බන්දතා එක්ක බලද්දී සම්පත් තමයි මට වද දුන්නේ නැති එකම කෙනා, සම්පත් පයිලට් කෙනෙක්. ඒ වගේම එයා මට ගොඩක්ම ආදරෙයි, මම නම් කියන්නේ සම්පත් තමයි මේ ලෝකේ ඉන්න හොඳම සැමියා”

Related Posts

Leave a Reply

Your email address will not be published.