සමහර වෙලාවට මේ තනිකඩකම දරාගන්න අමාරුයි – මනෝජ් පීරිස්

අපි හැමෝම ගොඩක් ආදරේ කරන දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක් තමයි මනෝජ් පීරිස් කියන්නේ, මනෝජ් පීරිස් කළා ලෝකයට සම්බන්ද වෙලා ධීර්ඝ කාලයක් සේවයක කලත් එතුමා ලංකාව තුල වඩාත්ම ජනප්‍රිය වෙන්නේ දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර් හරහා, ඉතින් අද අපේ කතාබහට එකතුවෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන් ඉන්න මනෝජ් පීරිස් සමග, ඉතින් කොහොමද තනිකඩව ගෙවෙන ජීවිතේ ”මටනම් ඉතින් තනිකඩ ජීවිතේ හරිම සුන්දරයි, හැබැයි සමහර වෙලාවට මේ තනිකඩකම දරාගන්න අමාරුයි, එත් සමහර සිද්දි දකිද්දී හොඳටම හොඳයි කියලා හිතෙනවා, කොහොමත් මට ජීවත් වෙන්න තියෙන කාලය ජීවත් වෙලා තියෙන කාලය අඩුයි නේ, ඉතින් මෙච්චර කාලයක් හිටියා වගේ ඉතිරි කාලයත් මේ විදියටම ඉන්නවා,”

ඒ කියන්නේ තනිකමට ආදරෙයි ”මෙහෙමයි ජීවිත කාලයම මම තනිකඩව හිටියේ නෑ මට විවිද විවිද අවස්ථාවල ආදරය ලැබුවා, විවිද විවිද අයගෙන්, ඒ වගේම අදටත් මට ආදරය ලැබෙනවා, මගේ ජීවිතේ ගෙවුනෙම ආදරය සමග, ගිවිස ගත්ත ආදරයක් නැති වුනාට මට ඕන තරම් ආදර සම්බන්දතා තිබ්බා, මම මිනිස්සුන්ට ගහට කොළට වගේම් සතා සිවුපාවන්ටත් ආදරේ කරනවා”

මනෝජ් වැඩිපුරම අහන්නේ කාගේ සිංදු ද..? ”මම ගොඩක්ම කැමති අමරදේව මාස්ටර්ගේ සනත් නන්දසිරි ශූරීන්ට, වික්ටර් රත්නායක ශූරීන්ට, ඒ වගේම සුනිල් එදිරිසිංහ ශූරීන්ට, මම එතුමන්ලගේ ගීතවලට හුරුවෙලා, හැබැයි එහෙමයි කියලා වෙන ගායකයන්ගේ ගීත අහන්නේ නැතුව ඉන්නේ නෑ, සංගීතය කියන්නේ වෙන් කරන්න බැරි වින්දනයක් ලබාදෙන විෂයක්, මම ආදරගීත තමයි වැඩිපුරම අහන්නේ එතකොට ජීවිතේ මතුවෙන ප්‍රශ්න දුක අමතක වෙලා යනවා,”

Related Posts

Leave a Reply

Your email address will not be published.