‘සමහර අය මට ශිවන්යා කියලා රැවටෙනවා’ ජනප්‍රිය නිලි ප්‍රාර්ථනා කියන කතාව

ප්‍රාර්ථනා සෙව්වන්දි ජාත්‍යන්තරයට අපේ නම රැගෙන ගිය සුරූපිනියක්. 2018 වසරේ Miss sri lanka for USA තරඟාවලිය නියෝජනය කල ඈ Beautiful eyes කාණ්ඩය ය⁣ටතේ ජයග්‍රාහණය දිනාගන්නවා. වර්තමානය තුළ ඇය දක්ෂ රංගන ශිල්පිනියක් නිසාම ලස්සන කියන අපේ සොදුරු කතාවට ඇයව එකතු කරගත්තා.

කාන්තාවකට ලස්සන වැදගත් කියලා ප්‍රාර්ථනා හිතනවද? “ඔව් අනිවාර්යයෙන් කාන්තාවකට ලස්සල කියන දේ වැදගත්. ඒ ලස්සන සමාජයේ කැපි පෙනෙන ලස්සනක් වෙන්නම ඕන නෑ. හැබැයි කාන්තාවක්ලස්සන වෙන්න ඇගේ හැසිරිම පිළිවෙල වගේ දේවල් බලපානවා. අන්න ඒ දේවල් එක්ක ඇත්තටම කාන්තාවක් ලස්සන වෙන්න විශේෂ දේවල් ඕනි වෙන්නේ නෑ. තියෙන ලස්සන පවත්වාගෙන යන්නයි ඇත්තටම ඕන”

මතුපිටින් ලස්සන හැමෝම ඇතුළතින් ලස්සනයිද, “කොහෙත්ම නෑ. ගොඩක් අය ආශ්‍රය කරද්දි අපිටම දැනෙනවා එයාලාගේ රූපය තරම් එයාලාගේ හදවත ලස්සන නෑ කියලා. ඒ වගේම සමහරු ආශ්‍රය කරද්දි දැනෙනවි එයාලාගේ රූපය මහ ලොකු ලස්සනත් නැති වුනත් ඇත්තටම එයාලාගේ හදවත ලස්සනයි කියලා.”

සුදු හමට ලංකාව ඇතුලේ වටිනාකමක් තියෙනවද? “අපේ හම සුදු වුනා කියලා අපේ ලස්සන තිරණය කරන්න බෑ. ඇත්තම ලස්සනට හමේ පාට කියන දේ කොහෙත්ම වැදගත් නෑ. ඔය හම සුදු අය ⁣එක එක දේවල් කරලා ලෝකේ ඉස්සරහට ගියාට එයාලාට ලෝකේ වෙනස් කරන්න පුළුවන් වුනේ නෑ. ඉතින් මම හිතන්නේ සුදු කියන්නේ සම්මතයක් අපේම අය හදාගත්ත.”

ගොඩක් අය කියනවා ඔබ ප්‍රේම දඩයම ටෙලිනාට්‍යයේ ශිවන්යා වගේ කියලා ඇත්තද එක, “ඒකට හේතුව මම ගොඩක් කැමති නිළිය තමා මෝනි රෝයි. ඉතින් ගොඩක් අය කියනවා මම ඇත්තටම ශිවන්‍යා වගේ කියලා. මාව දැක්ක ගමන් සමහර අය කියනවා එකපාරම දැක්කේ ශිවන්යා වගේ රවටුනත් එක්ක කියලා. මට මේ හැමදේම ලැබුනේ දෙවියන්ගේ කැමැත්තට. ඒ වගේම වාසනාව. උපතින් ලැබුන සුන්දරත්වය හැකියාව දක්ෂතාවය මේ හැමදේම නිසා මට අද වෙද්දි ගොඩක් දේවල් ලැබිලා තියෙනවා.”

ලස්සන කියන දේ ඉස්සරහ කෙනෙක ආඩම්බර විය යුතුද? “ඇත්තටම එහෙම විය යුතු නෑ. මොකද ලස්සන කියන්නේ අපිට ලැබුන සම්පතක්. ඒ දෙයින් තව කෙනෙක් තලා පෙලා දාන්න අපිට කිසිම අයිතියක්නෑ. මේ මොහොතින් මොහොත වෙනස් වෙන ශරිරයට ඇත්තටම ඇය අපි ආඩම්බර වෙන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *