Tue. May 17th, 2022

ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ. ටෙලිනාට්‍ය හරහා වගේම සමාජ ජාලා හරහාත් මේධා ගොඩක් ජනප්‍රියයි. සරලවම කියනවනම් මේධා කියන්නේ අන්තර්ජාලයේ පුවත් මවන චරිතයක්. ඉතින් අපි අද කතාකරන්නේ අය සමග. ඉතින් මේධා කොහොමද මේ දවස්වල ජීවිතේ ”ජීවිතේ හොඳයි. සතුටින් නිදහසේ ඉන්නවා, ඒ වගේම බාරගත්ත වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් කරගෙන විනෝදෙන් ඉන්නවා”

ඔබ උපාධිධාරිණියක් ඉතින් රඟපාන්නේ නැතුව ස්ථිර රැකියාවක් කළා නම් මීට වඩා හොඳ නැද්ද ? ” අනේ නෑ, නිලියක් වීම පිළිබඳව මම ගොඩක් සතුටුයි. උපාධිධාරිණියක් විදියට රස්සාවක් කලානම් වැඩිම වුණොත් රුපියල් හැට හැත්තෑදාහක පඩියක් ලැබේවි. ඒත් කලාව නිසා ඒ ගාණ දවස් කිහිපයක් වැඩ කරලා හොයනවා. ඒ වගේම මේ ජනප්‍රියත්වයට මම ගොඩක් ආසයි”

ඔබ දැන් පෙම්වතියක්ද ? ”ඔව් මට පෙම්වතෙක් ඉන්නවා. හැබැයි විවාහ වෙනවද කියලා මම තවම තීරණය කරලා නෑ. මම පෙම්වතෙක් ඉන්නවා කියලා ප්‍රසිද්දියේ කියන්න හේතුවක් තියෙනවා. මොකද කාන්තාවක් තනිවෙලා ඉන්නකොට එන බලපෑම් වැඩියි. හමහර අය හිතනවා අපි අසරණයි කියලා. තවත් සමහරු එක එක කතා හදනවා. විවිධ යෝජනා කරනවා, සමහර අය හිතන් ඉන්නේ අපිව සල්ලිවලට ගන්න පුළුවන් කියලා. ආර්ථික පැත්තෙන් මම වැටිලා නැහැ. කාගෙවත් දේවල් අරන් ජීවත් වෙන්නවත් කාගෙවත් යෝජනාවලට අවනත වෙන්නවත්, කාගෙවත් පිළිසරණ පතන්නවත් මට ඕන නැහැ. මට පෙම්වතෙක් ඉන්නවා අපි සතුටින් ජීවත් වෙනවා. සමහරවිට අපි අනාගතේ අපි විවාහ වේවි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *