Tue. May 17th, 2022

ශලනි තාරකා කියන්නේ මේ දිනවල කවුරුත් අතර ජනප්‍රිය පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ආව ගමන නම් ලේසි පහසු ගමනක් නොවේ. විවිධ වූ බාධක හමු වේ ඇය මේ කලා ලෝකයට ආව බව කවුරුත් දන්න කරුණක්. මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වෙන කියා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයින්ගේ ආදරයට ලක් වෙන ශලනි විටෙක මේ චරිතය නිසාම විවේචනයට ලක් වෙනවා.

ඉතින් අපි හිතුවා ඇය ඒ ගැන කතා කරන්න. තුන්කොන් ප්‍රේම කතාවක් ඔස්සේ ගලා යන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයට නොහිතපු ලෙස බොහෝ දෙනාගේ ආදරයට ලක් වෙන්නේ එහි රඟපාන සියලු චරිත ප්‍රේක්ෂකයාට දැනෙන රඟපාන නිසා. කොහොම වුණත් ශලනි කියන්නේ කොයි තරම් දක්ෂ නිහතමානී සුන්දර රංගන ශිල්පිනියක්ද කියන්න ඇයව ආශ්‍රය කරන අය දන්නවා.

ශලනි කියන්නේ හිතහයිය කෙල්ලෙක්. ඇත්තටම ඔබට ජීවිතයට ප්‍රශ්න එද්දී ඔබ කොහොමද හිත හයිය කර ගත්තේ,මගෙ හිත හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න පුළුවන් ගලක් වුනේ මිනිසුන් මට ගල් ගහපු නිසාමයි. සමහර ප්‍රශ්න ඉදිරියේ මම ගොඩක් අසරණ වුන තනි උන කෙනෙක්. එක දිගට මාස ගණන් මම අඬලා තියෙනවා. හැබැයි දැන් එහෙම නැහැ. මම කලාවට එන්නේ නැහැ කියලා හිතපු තැන් තිබුණා.හැබැයි සොබාදහම මගේ හිත ශක්තිමත් කරා. මගේ දෛවය වෙනස් කළා. මගේ හෘද සාක්ෂිය මම නිවැරැදියි කියලා පිළිගනිද්දී ලෝකයාටම මාව නිවැරදි කියලා ඔප්පු වුනා. මම ජීවිතේ කාටවත් වැරදි කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති මට ජීවිතේ වරදින තැන් හරිම අඩුයි.

ඔබ නිළියක් වුණ එක අපරාදේ කියලා හිතිලා නැද්ද, ඇත්තටම සමහර වෙලාවට එහෙම හිතුන වෙලාවලුත් තිබුණා. සමහර මිනිසුන්ගේ සමහර වචන මාව නොමරා මැරුවා. අන්න ඒ කාලේ නම් මම නිළියක් වුණේ අපරාදේ කියලා මට හිතුනා. හැබැයි එහෙම ප්‍රශ්න වුන නිසාම තමයි අද මම ශක්තිමත් විදිහට ඉන්න. මට දැන් මිනිසුන් කියන දේවල් ගැන ගානක් නැහැ. අද මට මොන කතාව කිව්වත් මට ඒ කතා ගණන් නොගෙන ඉන්න පුළුවන්. අපිට වැරදි අඩුපාඩු කියන ගොඩක් අයගේ ජීවිතවල වැරදි අඩුපාඩු තියෙනවා. අනික සමහරු අපිට චරිත සහතික දෙන්න හරියට අපිත් එක්ක ජීවත් වෙලා වගේ. මොනදේ උනත් මම ඒ කාලේ හිතුවට නිළියක් වුණේ අපරාදේ කියල අද මම මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා.

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය තුළ නම් ඔබ මේ වෙද්දී පෙම් වන්තයන්. සැබෑ ජීවිතය තුළ තුල ඔබ පෙම්වතියක්ද,මම මගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධ කරනවා හරිම අඩුයි.මගේ ජීවිතේ විවාහයක් සිද්ධ වෙනවා නම් ඒක හරිම වෙලාවට හරිම කාලයේදී සිදු වේවි. මගේ ජීවිතයේ පෙම්වතුන් ඉඳලා තියෙනවා. කොහොම වුනත් කවුරු මොන කටකතාව පැතිරුවත් මගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේ මම විතරයි.

ජීවිතේ ගත්ත සමහර තීරණ ගැන ඔබ පසුතැවෙනවාද, ඔව් සමහර තීරණ වලදී මට හිතිලා තියෙනවා ඒ තීරණ අපරාදේ ඒ වෙලාවෙ ගත්තෙ කියලා. සමහර ප්‍රශ්න ඉදිරියේ මම හොඳ වැඩියි. ඒ නිසාම මිනිසුන් මගෙන් ප්‍රයෝජන ගත්තා. මම මිනිසුන්ට අනුකම්පා කරන කෙනෙක්. අන්න ඒ හේතුව නිසාත සමහරු මගෙන් ප්‍රයෝජන ගත්තා. කොහොම වුනත් ජීවිතේ ලොකු පසුතැවීමක් මට ඉතුරු වෙලා නැහැ. මොකද මම අද දවස සතුටින් ජීවත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *