‘සමහරුන්ගේ කයිය විතරයි හරියට කකුලක්වත් උස්සන්න බෑ’ ජනප්‍රිය නිලි ඩිලුශි කියන කතාව

ධරණි ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වූ චරිත ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. පවුලේ වැඩ මහල් දියණියක් විදියට උපත ලබන ඇය පාසල් කාලයේ පටන් ම දක්ෂ අයෙක්. දිනුෂි පුංචිකාලේ ආස කළේ කවුරු වෙන්නද, ”පුංචි කාලේ ඉදන්ම මගේ ලොකුම හීනේ වුනේ නීතිඥවරියක් වෙන්න. ඒ නිසාම මම පාසලේ විවාද කණ්ඩායමට ද එකතු වුණා. උසස් පෙළට කලා විශයන් තෝරා ගන්නට හේතු උනේ මට නීතිඥවරියක් වෙන්න ආසාවක් තිබුන නිසා. හැබැයි මට කැලණිය විශ්ව විද්‍යාලයට තමයි වරම් හිමිවෙන්නේ. ඉතින් ඒ එක්කම මගේ හීනේ බොද වෙලා යනවා.”

ඔබට අද ගැන දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද, ”මට ගොඩක් සතුටුයි. ධරණි කියන්නේ මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනයයි. මට තවම මේ ක්ෂේත්‍රය ගැන ඉගෙනගන්න ගොඩක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. තවම මම මේ කලාවට පුංචිම පුංචි කෙනෙක්. මම ආසයි කලාවට එකතු වෙන්න. කලාව ගැන ඉගෙන ගන්න. මගේ උපාධි වැඩ කටයුතු මෙන්ම රංගන කටයුතු ද ඉදිරියට කරගෙන යන්න කැමතියි. අඩුපාඩු හදාගෙන කලාවේ හොඳ ගමනක් ගැන බලාපොරොත්තු වෙනවා.”

ධරණි අමතරව වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවද, ”නෑ වෙන කිසිදු නිර්මාණයකට සම්බන්ධ වෙලා නැහැ.ටෙලි නාට්‍යයක් විදිහට මම රඟපාන්නෙ මේ ටෙලි නාට්‍යය විතරයි.හැබැයි වෙළඳ වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා.ධරණි ටෙලි නාට්‍යයේ රඟපාන අපි හැමෝම එක පවුලක් වගේ.එකිනෙකාට උදව් කර ගනිමින් ලොකු ගමනක් යනවා.මම අලුත් වුනත් මටත් ලොකු සහයෝගයක් ලැබෙනවා.”

ධරණි කියන්නේ ඔබේ මුල්ම රංගනයයි. ඒ ගැන මොකද හිතන්නේ, ”රඟපානවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. පාසලේ වේදිකාවෙන් ලබපු පන්නරය නිසාම තරමක සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වුණා. හැබැයි මට ගොඩක් අය මගේ චරිතය සාර්ථක විදිහට කරන්න උදවු කළා. පාසල් කාලේ වුණත් මං හැමදේටම දක්ෂතා පෙන්නපු කෙනෙක්. මට සතුටුයි මේ වගේ ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබීම ගැන.”

ධරණි ටෙලිනාට්‍ය නිතරම ගහගන්න නිසාම ඔබ වත් සමහර අවස්ථාවලදී විවේචනයට ලක් වුණා නේද, ”අපි මෙම නාට්‍ය පටන් ගන්න මාස දෙකකට විතර කලින් ඉදන් සටන් ජවනිකා පුරුදු වෙන්න පටන් ගත්තා. නිසියාකාර පුහුණුවකින් පස්සේ තමයි අපි මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. හැබැයි සමාජ මාධ්‍ය හරහා සමහරු අපිව විවේචනය කරලා තිබුණා. හරියට කකුල වත් උස්සගන්න බැරි අය තමයි අපිව විවේචනය කරලා තිබුණේ. මේක ලංකාවේ ජීවත් වෙන සමහර මිනිසුන්ගේ හැටි.

තමන්ට කරන්නත් බැහැ අනුන්ට කරන්න දෙන්නෙත් නැහැ. සමහරු කිසි දෙයක් නොදැන තමයි අපි විවේචනය කරන්නේ. ඇත්තටම සමහරු keyboard වීරයෝ විතරයි. සමහරුන්ගේ විවේචන දැකලා ඇත්තටම මට හිනා යනවා. මට වෙලාවකට හිතෙනවා ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ඒ කොහොම වුණත් වුණත් ඒ හැම පොස්ට් එකකින්ම අපි ලොකු පන්නරයක් ලබනවා. ඔය වගේ විවේචන කියන්නේ පුස් දේවල්. මම ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්න නිසා මේ දේවල් වැඩිය හිතන්නේ නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *