Tue. May 17th, 2022

මේ වනවිට ලංකාවේ උද්ගත වී තිබෙන්නේ විශාල උණුසුම් සහගත තත්වයක්. කඩා වැටෙන ආර්ථිකය හමුවේ රටේ උද්ධමනය එන්න එන්න ඉහල යනවා. ඒ වගේම රට තුල පාලනයකින් තොරව බාන්ඩමිල ඉහල යනවා. ඉතින් මේ තත්වය නිසා ලංකාවේ ජනතාව සාමකාමී අරගලයක් ගාලු මුවදොර පිටියේ දියත් කරලා තිබුනා. පාලන පක්ෂයෙන් විවිධ බලපෑම් පැමිණියත් සාර්ථව මසකට වඩා වැඩි කාලයක් ගාලු මුවදොර පිටියේ මෙම අරගලය දියත්වුනා.

සාමකාමී අරගලයේ 31ක්වන දිනය වන අද දින විශාල ගැටුමක් බවට එය පත්වුනා එයට හේතුව පවතින ආණ්ඩුවේ අගමැතිවරයාගේ අනුගාමිකයන් පිරිසක් ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගලයක නියලී සිටි පිරිසට බලාපෑම් කිරීම කොහොම වුනත් මේ වනවිට තත්වය තවත් උණුසුම් වෙලා තියෙන්නේ. ඒ වගේම අද දින සිදුවූ සිදුවීම නිසා අගමැති ඇතුළු කැබිනට්මන්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ වගේම අද දහවල් මහින්ද රාජපක්ෂ මහතා විශේෂ දැනුන්දීමක් සිදුකරලා තිබ්බා ඒ තමයි “ලංකාවේ චිත්තවේගයන් ඉහළ මට්ටමක පවතින අතර, සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් මම අපගේ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමි. අප සිටින ආර්ථික අර්බුදය විසඳීමට මෙම පරිපාලනය කැපවී සිටින ආර්ථික විසඳුමක් අවශ්‍යයි.” කියලා. ඉතින් මේ පිලිබඳ ඔබේ අදහස කුමක්ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *