‘සංජානා මගේ කවුරුවත් නෙවෙයි මම පෙම්වතෙකුත් නෙවෙයි’ සුපිරි නළු සංගීත්

සංගීත් සතරසිංහ කියන්නේ පහුගිය දිනවල රසිකයන්ගේ කතාබහට ලක්වුණ රංගන ශිල්පියෙක්. සමාජ මාධ්‍ය තුළත් මොහු ගැන කතා කරන්න පටන් ගත්තා. කාලයක් නිහඬව සිටි සංගීත් නැවතත් පුංචි තිරය තුල දකින්න ලැබෙනවා. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. ජීවිතේ යම් ඉලක්කයකට යන්න පෙම්වතිය බාධාවක් වෙනවද, ”මම හිතන්නේ ජීවිතයේ හරිම කෙනා හම්බ වෙනවා නම් ජීවිතේ ගමනක් යන්න අපිට අමාරු වෙන්නේ නැහැ. මම හරිම කෙනා හමුවෙනකම් බලාගෙන ඉන්නවා. මොකද ජීවිතේ ආදරය විවාහය ගැන ආයේ තීරණ ගද්දි මම ගොඩක් හිතන්න ඕන. අනික ඒ තීරණ නිවැරදි වෙන්න ඕනේ. වැරදි තීරණයක් අරගෙන ඒවා නිවැරදි කරගන්න මට කාලයක් නැහැ.”

සංජානා ඔබ ගැන ගියපු කට කතාව ඇත්තක්ද, ”පහුගිය කාලේ පුරාවටම මමයි සංජානායි ගොඩක් එකට තමයි වැඩ කළේ. අපි දෙන්නගෙ රූපයේ බාහිර ගැලපීම නිසාද කොහෙද ගොඩක් අය කිව්වා අපි දෙන්නා ගැළපෙනවා කියලා. නිරන්තරයෙන් එකට වැඩ කිරීම නිසා අපි අතර හිතවත්කමක් ගොඩ නැගුණා. ඔය අතරේ ඇය මගේ පෙම්වතිය කියලා කට කතාවක් ගියා. ඇත්තම කතාව සංජානගේ පෙම්වතා මම නෙවෙයි. ඇය මගේ හිතවතියක් ඇරෙන්න අපි අතර වෙන කිසිම සම්බන්ධතාවක් නැහැ.”

කාලයක් නිහඬ චරිතයක් වුනා නේද, ”එහෙම දෙයක් නැහැ. පෞද්ගලික ප්‍රශ්න ටිකක් නිසයි මම අවුරුදු දෙකක් විතර නිහඬ වුණේ. එහෙම ඉඳලා 2018 වසරේදී මම නැවත වැඩ ආරම්භ කළා. ඒ එක්කම මම මංගල ඡායාරූප ශිල්පියෙක් විදියටත් වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. රංගනයට අමතරව මගේ දෙවැනි වෘත්තිය වෙන්නේ මංගල ඡායාරූපකරණයයි.”

අතීතය ගැන මොකද හිතන්නේ, ”අතීතය ගැන මට කිසිම පසුතැවීමක් නෑ.මම හිතන්නේ වුන හැමදේම වුනේ හොඳට කියලා. මගේ ජීවිතයේ යම් කිසි දෙයක් ගිලිහුණා නම් එය ගිලිහුණේ මට ඊට වැඩිය හොඳ දෙයක් ලැබෙන්න කියලා මම විශ්වාස කරනවා .මම එහෙම හිතලා තමයි ජීවත් වෙන්නේ.”

කට කතා ගැන මොකද හිතන්නේ, ”මම කිසිම තැනක කිසිම කෙනෙකුට මඩ ගහලා නෑ. හැබැයි සමහර අය මට මඩ ගැහුවා. පහුගිය කාලේ මට වගේ කටකතා හැදුන නළුවෙක් තවත් නැති තරම්. මම photo shoot එකක් කළත් මම විවාහ වුණා කියලා කටකතා හැදුවා. හැබැයි ඒ හැම දේම මම නිහඬව බලාගෙන හිටියා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *