‘සංගීතේ නිසා රෙද්දක්වත් වේලාගන්න නෑ’ ජනප්‍රිය නිලි ගීත්මා කියන කතාව

සංගීතය ටෙලිනාට්‍ය හරහා සමාජයේ කතාබහට ලක්වුන ඇය ගීත්මා බණ්ඩාර. සුන්දර හිනාවක් සුන්දර රුවකට හිමිකම් කියන ඇය කෙලින් කතා කරන තරුණියක්. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. පහුගිය දිනවල ගීත්මාගේ ඡායාරූප වගයක් නිසා නිරන්තරයෙන් කතා පබහට ලක් වෙනවා නේද? “ජිවිතේ ලොකු කලකිරිමක් දැනුන දවස කිවොත් හරි. හැබැයි මම ලොකු ඉවසිමකින් බලන් හිටියා. කෙනෙක් ජනප්‍රිය වෙද්දි ඔය වගේ මඩ ගහනවා. නින්දා අපහාස එනවා. මට වුනත් විරුද්ධ බලවේගයන් එනවා නේද කියලා මට හිතුනේ මේ වෙලාවේ. ඒ දේ බොරු කියන්න මුළු ලංකාවම දන්නවා. ඒක ⁣බාල වැඩක්. මම ඒ වගේ බාල වැඩ කරන කෙනෙක් නෙවෙයි. මට එතනිත් ලැබුනෙ ජිවිටත්ට අභියෝගයක්.”

ඔබ ඒ ගැන වෛරයෙන්ද කතා කරන්නේ, “මම ඒ සිද්ධියට ආදාල නිතිමය පියවර අරගෙන ඉන්නේ. මගේ ජනප්‍රියත්වය ඉවසන්න බැරි ඒ පහත් කෙනා කවුද කියලා අනිවාර්යයෙන් දවස මුළු රටම දැනගනි. මගේ හිතේ වෛරයක් නෑ. ඔය සිද්ධිය වෙද්දි මම ෂුටින් වල හිටියේ. එදානම් මට දැනුනේ දුකක් කලකිරිමක් විතරයි. ගැහැණියකට ගරු කරන්න නොදන්න අය මාත් එක්ක එච්චර ලොකු වෛරයක් තියෙන්න පුළුවන් කාටද. බලමු ඉදිරියේදි මේ හැමදේටම උත්තර ලැබෙයි. හැබැයි මට කවුරු ගැනවත් වෛරයක් හිතේ නෑ.’

සංගීතය ටෙලිනාට්‍ය හරහා පමණද ඔබ දකින්න සිද්ධ වෙන්නේ. “දැනටනම් සංගීතය ටෙලිනාට්‍ය නිසා මට වෙන කිසිම වැඩක් කරගන්න විදිහක් නෑ. කොටින්ම කියනවනම් රෙද්දක්වත් වේලාගන්න විදියක් නෑ දැන්. කොහොමහරි ඉදිරියේදි හොද නිර්මාණ වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම භාරගන්නේ සමාජයට දෙයක් දෙන්න පුළුවන් චරිත. සිනමාවට වුනත් මට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මම සිනමාව ගැන ඉගෙන ගන්න ඕනි. ඒ ඉගෙන ගෙන සිනමාවටත් එන්න බලාපොරොත්තු වෙනවා.”

ආදරය ගැන මොකද හිතන්නේ, “මට දාරගන්න බැරි තරම් ආදරයක් ලැබෙනවා. ඒ මගේ රසිකයන්ගෙන්. විශේෂ වුන ආදරයක් මට තාම දැනිලා නෑ. හැබැයි යම් යම් තැන් තියෙනවා එහෙම දැනෙන. මම ඒ දේවල් තවම හිතේ තියාගෙන ජිවත් වෙනවා. මොකද මට තව කාලයක් ඕනි. හොද කෙනෙකුට මම මගේ අනාගතය භාර දෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *