Sat. Jun 25th, 2022

කලාකරුවන් පිළිබඳ ව්‍යාජ තොරතුරු රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතිනවා.පසුගිය දිනක ජනප්‍රිය රංගන ශිල්පිනියක් වු දමිතා මව් පදවිය ලැබුවා යන ව්‍යාජ තොරතුරක් සමාජගත වුණා.ඇය එහි සත්‍ය අසත්‍යතාව වීඩියෝවක් හරහා සමාජයට යොමු කළා .එමෙන්ම ඇය සමාජයෙන් ඉල්ලා සිටියා මෙවැනි අසභ්‍ය තොරතුරු සමාජ ගත නොකරන ලෙස. ශානිකා වනිගසේකර ගැනත් ව්‍යාජ තොරතුරු සමාජගත වුණා.ඇයද එහි සත්‍ය අසත්‍යතාවය විඩියෝවක් හරහා පැහැදිලි කලා.කෙසේ වුවත් වර්තමානයේ බිහිවන යූටියුබ් නාලිකා රැසක් මෙම නින්දිත ක්‍රියාවල නිරතවන බවයි පැහැදිලි වන්නේ.

මේ ව්‍යාජ තොරතුරු මාෆියාවට මේ වන විට ගොදුරු වූ එක් චරිතයක් ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ.ශෙරිල් ඩෙකර්.ෂෙරිල් සහ ඇගේ සැමියා රුවන් විසින් අනාථ නිවාසයක් පවත්වාගෙන යනවා යන ව්‍යාජ තොරතුරු මේ වන විට සමාජය පුරා පැතිරෙමින් පවතිනවා.මේ සියලු තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය ඇය විසින් ඇගේ මුහුණු පොත තුළ මෙසේ දක්වා තිබුණා

කාරුණික දැනුම්දීම මෙවැනි නින්දිත youtube channel කරන සියලුම දෙනා වෙත. අප දෙදෙනා Charity work අපට හැකි සෑම විටම කිරීමට කැමැති, නමුත් මෙම video වල සිටින සියඑම දරුවන් අපගේ සහෝදර සහෝදරයන්ගේ සහ අපෙගේ යහඑවන්ගේ දරුවන් ය. අප විසින් කිසිම ලමා නිවාසයක් පවත්වන්ගෙන නොයන බවත් මෙයින් දැනුම්දීමට කැමැත්තෙමු. මෙවැනි youtube vlog කරැවන් ඔවුන්ම ඔවුන්ගේම පුශ්න වලට උත්තර සපයමින් සිටින බැවින් මෙවැනි දේවල් වහාම නවත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එසෙ නැති උවහොත් ඉදිරියේදී අප නීතිමය පියවර ගන්නා ලෙස මතක් කර සිටිමි.

යනුවෙන්.ජනප්‍රිය වීම සඳහා පුද්ගලයකුගේ ජීවිතයේ පුද්ගලිකත්වයට හානි කරමින් ඔවුන්ගේ ජීවිතවලට මඩ ගසමින් බොරු ප්‍රචාර සමාජ ගත නොකර ලෙස විවිධ අවස්ථාවලදී කලාකරුවන් ඉල්ලීම්ද කර තිබුණා.