‘ෂූටින් යද්දී අම්මා මගේ පස්සෙන්මයි’ අලුත් නාඩගම්කාරි කියන කතාව

ලොකු කුඩා කවුරුත් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. සමාජයට පණිවුඩ රැසක් ලබා දෙන මෙම ටෙලි නාට්‍යයේ චරිත කිසිවෙකුටත් අමතක වෙන්නේ නම් නෑ. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත පමණක් නෙමෙයි සෙසු චරිත ද ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගෙන තියෙනවා. ඉතින් නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයට අලුතින් සම්බන්ධ වන චරිතයක් ගැන කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මෑත කාලයේ කතාවට එකතු වුන ඇය ‘හංසි’ කියන චරිතයට පණ පොවනවා. ඇගේ සැබෑ නම මධාරා සෙව්වන්දි.

මධාරා මුලින්ම හංසි කියන චරිතය ගැන කතා කළොත්, ”මම කතාවට එන්නේ මාස්ටර්ගේ පන්තියට සංගීතය හදාරන්න. ඉදිරියේදී හංසි කියන චරිතයේදී ලොකු පෙරළියක් ඇති වෙයි කියලා මම හිතනවා. ඒ ගැන තවම කියන්න හරියටම දන්නේ නැහැ. මගේ ආදරේ හිමි වෙන්නේ වෙන්නේ කාටද කියන්නවත් මම තවම දන්නේ නැහැ.

ඔබ රංගනයට පිවිසුණේ කොහොමද, ”මගේ අධ්‍යාපන කටයුතු එක්ක රංගනයට ලොකු කාලයක් වැය කරන්න මට පුළුවන් වුණේනෑ. මුලින් මම වෙළඳ දැන්වීම් කීපයකට තමයි සම්බන්ධ වුණේ. කෝටිපතියෝ කියන ටෙලි නාට්‍ය හරහා මට රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙනවා. පස්සේ නාට්‍ය කිහිපයකම පොඩි පොඩි චරිත කළා”

ඒ කියන්නේ දැන් ඔබ දිගටම රංගන කටයුතු වල කටයුතු වල යෙදෙනවද? ”මම දැනට මනෝ උපදේශිකාවක් විදිහට සේවය කරනවා.මගේ ජීවිතේ මුල්ම තැන මගේ රැකියාවට තමයි මම දීලා තියෙන්නේ. ඉතින් රැකියාවට බාධාවක් වෙනවා නම් මම රංගන කටයුතුවලින් ඈත් වෙනවා. මම පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ මනෝ උපදේශිකාවක් වෙන්න. ඒ නිසාම මම මගේ රැකියාවට ගොඩක් ආදරෙයි. රංගනයට පිවිසෙන්න මට සිද්ධ වුණේ හරිම අහම්බෙන්. කොහොම නමුත් මම මගේ හීන ජයගත්තා.

ඔබ ගමෙන් පිටවෙලා ඇවිත් රංගනයට සම්බන්ධ වෙනවට ගෙදරින් විරුද්ධත්වයක් පල කළේ නැද්ද, ඇත්තටම මගේ තාත්තා නම් කැමති නැහැ මම රංගනයට එනවට. එයා ගොඩක් කැමති මම ඉගෙන ගත්තු දේ කින් ඉදිරියට යනවා බලන්න. ඒ කොහොම උනත් මම රූගත කිරීම් කිරීම් වලට යන්නේ මගේ අම්මත් එක්ක. මොකද මගේ ගම් පළාත ගාල්ල. අම්මා තමා මගේ හැම වැඩකටම පිටිපස්සෙන් ඉන්නේ.”

ඔබ රංගනය ගැන ඉගෙන ගත්ත කෙනෙක් ද, ”ඔව් මම රංගනයට එන්න කලින් රංගනය පිළිබඳ හැදෑරීමක් කළා. මොකද අපි යම්කිසි කේෂ්ත්‍රයකට එනවම් අපි ඒ පිළිබඳව හැදෑරීමක් කළ යුතුමයි.ඒක අපේ අනාගතයට ගොඩක් වටිනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *