‘ෂූටින් කරලා එළියට එද්දී කසාදෙකුත් සෙට් උනා’ ජනප්‍රිය නිලි හර්ෂි කියන කතාව

නවක රංගන ශිල්පිනියක් ලෙස කරළියට පැමිණෙන ඇය නමින් හර්ෂි අංජුමාලා. පුංචි තිරයෙන් තම ගමන ආරම්භ කලත් ඇය ලඟදිම සිනමාව තුළින් ද දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ සුදානම ඇය සමඟ කතා කතා කරන්නයි. 2022 අලුත් බලාපොරොත්තුවක් හරියට තියෙනවා කියන්නේ ඇත්තද, ”ඔව් ලොකු බලාපොරොත්තුවකින් තමයි ජීවත් වෙන්නේ මේ වෙද්දි. ඒ බලාපොරොත්තුව ගිය අවුරුද්දේ තිබුනත් කොවිඩ් නිසා බලාපොරොත්තුව නැති වෙලා ගියා. මම විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ යන්න තමයි බලාගෙන ඉන්නේ.”

අපි ඔහු ගැනත් කතාකරමුද, ”එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. කොවිඩ් තත්ත්වය නිසා එයාට ලංකාවට එන්න බැරි වුණා. එයයි මමයි හම්බ වෙන්නේ විවාහ යෝජනාවකින්. නොමැකෙන මතක කියන්නේ ටෙලි නාට්‍යය නිසා තමයි මට මෙයාව හම්බ වෙන්නේ. ඒකට හේතුව අපි මෙම නාට්‍යය රූගත කරපු ගෙදර අයිතිය එයාගේ ආච්චිට. රූගත කිරීම් කරන අතරතුර අපේ අම්මා එයාගේ ආච්චිත් එක්ක කතා කරද්දි තමයි මේ විවාහ යෝජනාව මට ගේන්නේ. මම රූගත කිරීම් කරලා එලියට එද්දි මට විවාහ යෝජනාවකුත් ඇවිල්ලා තිබුණා. අපි හම්බවෙලා මේ වෙද්දි අවුරුදු දෙකක් විතර වෙනවා. එයා මාව බලන්න ලංකාවට ආවා. හරිම සතුටුයි මට ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු වුන එකට. අවසානයේ නොමැකෙන මතක මට සුන්දර මතක ඉතුරු කරලා තිබුණා.”

ඔබ පුංචි කාලේ ඉඳන්ම නිළියක් වෙන්න ආස කලාද, ”පුංචි කාලේ මගේ ලොකුම හීනය වුණේ ජපානයට යන එක. ඒක මගේ පිස්සුවක් කිව්වොත් හරි. ඔය අතරේ මම දෙරණ ලිට්ල් ස්ටාර් වලට අයදුම්පත් දානවා. එතකොට මගේ වයස අවුරුදු 11යි. ඒ සමඟම මට මාධ්‍යය එක්ක එකතු ⁣වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි නිළියක් වෙන්න නම් කවදාවත් හිතුවේ නැහැ. මම රංගන ශිල්පිනියක් වුනේ හරි අහම්බෙන්. හැබැයි ඕනම නර්තන ශිල්පිනියක් තුළ රංගන ශිල්පිනියක් ඉන්න පුළුවන්. මම පුංචි කාලේ ඉඳන්ම නර්තනය ගැන හදාරපු නිසා මට රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වෙන්න පුළුවන්වුණා.

ඔබේ හැකියාව මුලින්ම අඳුර ගත්තේ කවුද, ”මගේ හැකියාව මුලින්ම අදුරගත්තේ මගේ අම්මා. මම ජීවිතය අද යම් තැනක ඉන්නවා නම් රංගන ශිල්පිනියක් විදිහට රසිකයන් අතරේ ඉන්නවනම් ඒකට මූලිකම හේතුව මගේ අම්මා. එයා තමා මගේ ලොකුම හයිය. පුංචි කාලේ ඉදන් මගේ දක්ෂතාවයන් අදුරගෙන මට යන්න ඕන ගමන කියලා දුන්නේ එයා. මම හිතන්නනේ මගේ ජීවිතේ මට තැනක් හදාගන්න ලොකුම සහයෝගය දුන්නේ මගේ ගෙදරින්. ඇත්තටම මට අද ගොඩක් සතුටුයි මම ඉන්න තැන ගැන.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *