Sat. May 21st, 2022

ටෙලිනාට්‍ය කලාවේ හිටපු හැමෝම ආදරේ කරන චරිතයක් තමයි නයනා කුමාරි කියන්නේ. ‘චාතූර්යා’ ‘මහ විරු පණ්ඩු’ වගේ නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය සමගයි මේ කතාබහ. නයනා රංගන කලාවෙන් ඈත්වෙලා නේද දැන් පිටපත් බාරගන්නෙත් නෑ කියලා ආරංචියක් එනවා ඇත්තද ඒ ”නැහැ එහෙම නෑ, මම මේ දවස්වල විකාශනය වන දිවිතුරා නාට්‍යයේ මම රඟපානවා. මෙහෙමයි පිටපත් බාරගන්නේ නැත්තේ මට ටයිම් එකක් නැතිවෙනවා. ඉස්සර මම කරපු චරිත දැන් මට කරන්න බෑ. වයසට යනවා., පෙනුම වෙනස් වෙනවා. අපි අම්මලා වෙනවා. ඉතින් මම ඒ වගේ චරිත ප්‍රතිෂේප කරනවා”

‘චාතූර්යා’ නාට්‍යයේ රංගනයෙන් දායක වුනේ ඔබ විවාහ වුන අලුත ඉතින් ඔබ රොජර් සමග පෙම් රැඟුම් මවන විට ඔබේ සැමියා සුමිත් අමනාප වුනේ නැද්ද ”අයියෝ නැහැ, එයාම තමයි මාව උනන්දු කලේ ඒ චරිතේ හරියට කරන්න. රොමෑන්ටික් වෙන්න ඕන තැන්වල තව මදි හොඳට රොමෑන්ටික් වෙන්න කියලා එයාම තමයි කියන්නේ. මට හොඳට මතකයි ඒ කාලේ මහින්ද රාජපක්ෂ අගමැති දවසක් ශිරන්ති මැතිනිය මට කිවුවා නයනා ඔයා ලස්සනට චාතුර්යා නාට්‍ය කරනවා මමත් හරිම ආසාවෙන් ඒක බලනවා කියලා. බලන්න බැරි උන දවසට කාටහරි කියලා එක රෙකෝඩ් කරගන්නවා කියලත් කිවුවා.

ඒ තරම් ප්‍රතිචාර ලැබිලත් ඇයි ඔබ රංගනයෙන් ඈත් වුනේ ඇයි ”මෙහෙමයි රංගනය කියන්නේ මම උපයාගත්ත දෙයක්, නමුත් රූපලාවන්‍ය කියන්නේ මට අම්මගෙන් ලැබුන දේ. ඉතින් ඒ කලාවතුල ඉදිරියට යන්න මට ඕන වුනා. මම දෙයක් හිතුවොත් ඒ දේ උපරිමෙන්ම මම කරනවා, අනික රඟපාන්න ගියාම මට එක එක තැන්වලට යන්න වෙනවා, පවුලේ වැඩත් එක්ක මට ඒවාට යන්න බෑ ඉතින් මම තීරණය කළා රංගනයෙන් ටිකක් ඈත්වෙලා රූපලාවන්‍ය පැත්තට යොමුවෙන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *