Tue. May 17th, 2022

තරුණියන්ගේ මේදවස්වල හීන කුමාරයා ඔහුයි කිව්වොත් හරි. බොහෝ තරුණ හිත් වසඟ කරගත් ඔහු කියා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුළින් නොහිතපු විදියට ජනප්‍රිය වුණ රංගන ශිල්පියෙක්. නවක පරපුරට අයත් ඔහු නමින් සචිත් ලියනගේ. ටෙලි නාට්‍යය තුළ ඔහුගේ චරිතය නිර්වාන් වෙද්දි අපි හිතුවා නිර්වාන් වුන සචිත් සමග කතා කරන්න. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුන්කොන් ප්‍රේම කතාවක් වෙද්දී ස්නේහා නිර්වාන් කියන්නේ ඒ ආදර කතාවේ දෙදෙනෙක්.

කතාවට මේ ප්‍රේම කතාව තිබුනත් සචින් සහ ශලිනි අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනව ද, ඇත්තම කතාව මට මේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවා ශලිනි. එයා ළඟ ගොඩාක් හොඳ හැකියාවක්. කවුරුත් එයාව කවදාවත් ප්‍රතික්ෂේප කරයි කියලා කියල මම නම් හිතන්නෙ නැහැ. මම දකින විදිහට එයා ගොඩක් ශක්තිමත් ගෑනු ළමයෙක්. එයා මටත් හොද යාලුවෙක්. අපි දෙන්න අතරේ තියෙන්නේ යාළු කමක් විතරයි. හැමදාටම ඒ යාළුකම යාළුකමක් විදිහටම අපේ හිත් වල තියෙයි. හැබැයි ශලිනි කියන්නේ හොඳ කෙනෙක් කියලා මම කියනවා.

සචින්ට දේශපාලනයට එන්න අවස්ථාව ලැබුනොත්, ලංකාව වගේ රටක දේශපාලනය තුළ වැරැද්දක් මම දකිනවා. දේශපාලනයට ගියහම ගොඩක් අයට අමතක වන දේ තමයි කරන්න ආපු වැඩේ. කිසිම අවබෝධයක් නැතුව තමයි ඔවුන් වැඩ කරන්නේ. ඉපදුණු දේශයට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම ඒ අවස්ථාව ලබාගන්නවා. ඒකට දේශපාලනයට එන්න ඕනමයි කියල නීතියක් නැහැ. මම මගේ යාළුවොත් එක්ක සමාජ සත්කාර කරනවා. හැබැයි අපි සමාජ මාධ්‍ය වත් ඒ ගැන දාන්නේ නැහැ.

ඔබ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් ඔබව යම් දිනෙක කලාවෙන් ප්‍රතික්ෂේප වුනොත්, මාව ප්‍රතික්ෂේප කරන්න තරම් වරදක් කළා කියලා කියල මම නම් හිතන්නෙ නැහැ. මේ වෙනකම් මම භාරගත්ත හැම නිර්මාණයක්ම කළේ හොඳට කල්පනා කරලා බලලා. මම නිර්මාණයක් බාර ගන්නේ හොඳට මොලෙන් කල්පනා කරලයි. යම් හෙයකින් මම කලා ක්ෂේත්‍රය තුළ ප්‍රතික්ෂේප වුනොත් මම දුක් වෙන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප වුනොත් මම වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් සොයා ගෙන යනවා.

ඔබට නොකරපු වරදකට දඬුවම් විඳින්න සිද්ධ වුනොත්, මම නොකරපු වරදකින් කාට හරි හොඳක් වෙනවා නම් මම ඒ වැරැද්ද බාරගන්නවා. හැබැයි ඒ වරදින් මට හරි මගේ පවුලේ අයට හරිදඬුවම් විඳින්න සිද්ධ වුනොත් මම ඒ වෙනුවෙන් සටන් කරනවා. මම කැමැති නෑ මගේ පවුලේ අය මම නොකරපු වරදකට දඬුවම් විදිනවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *