‘විසේ තිබ්බට මගේ ළඟ කොලුගති නෑ’ නවක නිලි ධනුෂිකා කියන කතාව

දෙරණ නාලිකාව කියන්නේ කියන්නෙ ටෙලි නාට්‍ය වංශ කතාව නවමු නව මාවතකට ගෙනියන මාධ්‍ය ආයතනයක්. මෑතකදී දෙරණ නාලිකාවේ විකාශනය වුන ලොක්කි ටෙලි නාට්‍යය කා අතරත් ජනප්‍රිය කතාවක් බවට පත්වුණේ එය ඉතාමත් සීමිත කොටස් ගණනාවක කතාවක් වූ නිසා. කතාව නිමා වුවත් කතාවේ සමහර චරිත ගැන ප්‍රේක්ෂකයින් අදටත් කතා කරනවා. ලොක්කි ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත ඇය නවක රංගන ශිල්පිනියක්. නමින් ඇය ධනුෂිකා සඳරේණු පෙරේරා.මේ සූදානම ඇය ගැන කතා කරන්නයි.

ධනු ගේ විස්තර ගැන මුලින්ම කතා කළොත්, ”මගේ ගම පිළියන්දල. මම බොහොම සරල සාමාන්‍ය ගැහැනු ළමයෙක්. ටිකක් දඟ වුණාට මම ලඟ කොලු ගති නැහැ. මගේ අනාගත බලාපොරොත්තුව නර්තන ගුරුවරියක් වෙන එක. මගේ පළමු නිර්මාණය තමයි ලොක්කී ටෙලිනාට්‍යය කියන්නේ. මට තවම මම රංගන ශිල්පිනියක් නේද කියලා හිතන්න බැහැ. මම දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරලා තියෙනවා.”

රඟපානවා කියන එක දැනෙන්නේ කොහොමද, අපි හිතන තරම් කිසිම වැඩක් ලේසි පහසු නැහැ. අපි යම් දෙයක් ලේසියි කියලා හිතුවත් ඒක සාර්ථක දෙයක් නෙවෙයි. මම ලොක්කි ටෙලිනාට්‍යට කලින් කිසිම ටෙලිනාට්‍යයක රඟපාලා තිබුනේ නෑ. රඟපානවා කියන එක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් කලාව කියන දේට මම හරි කැමතියි. කලාව කියන දේ හරි ලස්සනයි. රඟපානවා කියන්නේ ලොකු වගකිමක්. අපි අපිට අදාළ කොටස හරියට නොකළොත් මුළු නිර්මාණය ම අසාර්ථක වෙනවා. ඒ නිසා නිර්මාණයක චරිතය තේරුම් ගැනීමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.”

විවාහය ගැන හිතලා ද තියෙන්නේ, ”විවාහය කියන දේ ගැන මම ගොඩාක් ලොකුවට හිතලා නැහැ. විවාහ වෙන්න කලින් මම මගේ ස්ථාවරත්වයක් හදාගන්න ඕනේ. මම ස්ව උත්සහයෙන් නැගිටින්න තමයි ගොඩක් කැමතියි.ඒ විදිහට මගේ ජීවිතය හදා ගත්තට පස්සේ මම විවාහය ගැන හිතනවා. ඒ කොහොම වුණත් කවදාහරි මම විවාහ වෙන කෙනා මාව හොඳින් බලාගන්න කෙනෙක් වෙන්න ඕනේ. මාව රැකගන්න මට සෙනෙහස ආදරය හැමදේම දෙන කෙනෙක් වෙන්න ඕනේ. මම විවාහයේදී බාහිර පෙනුමට වඩා මුල් තැන දෙන්නේ ගතිගුණ වලට.”

සතුට කියන දේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද, ”කෙනෙකුට මාව සතුටු කරන්න ලොකු ලොකු දේවල් ඕනි වෙන්නේ නැහැ. මම ලැබෙන දෙයින් පොඩිවට සතුටු වෙන කෙනෙක්. ගොඩක් වෙලාවට විවේකයක් ලැබුණම යාලුවෝ එක්ක රවුම් ගහද්දි මම ලොකු සතුටක් ලබනවා. දැන්නම් ලොක්කි ටෙලිනාට්‍යයේ අය හම්බවෙද්දිත් සතුටු වෙනවා.”

දවස ගත කරන විදිය ගැන කීවොත්, ”මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මම අමතර පන්ති කරන කෙනෙක් නිසා කාර්යබහුලයි. හැමදේම කරන අතරේ රංගනයටත් යොමු වෙනවා.ඔය විදියට තමයි මගේ දවස් ගෙවිලා යන්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *