විවාහ වෙන්න සැරසෙන බෝනික්කියක් වගේ සුන්දර සචිනිගේ සුපිරි bride to be පාටි එක

ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන ටෙලිනාට්‍යක් තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ ඉතින් මේ දෙවෙනි ඉනිම හරහා හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි සචිනි වික්‍රමසිංහ කියන්නේ. රංගනයට වගේම නිවේදනයටත් දක්ෂ ඇය මේ වනවිට ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර තරුණියක්. ඉතින් සචිනි කළාවට යොමුවුන ආකාරය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මම කලාවට සම්බන්ද වෙන්නේ පොඩි කාලෙදී. සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන් වලට ඒ කාලේ මම දායක වුනා. ඊට පස්සේ මම කාලයක් කලාවට සම්බන්ද වුනේ නෑ. ඊටපස්සේ මම 2015 වසරේදී සිරස කුමරිය තරගයෙන් මම අන්තිම හයදෙනා අතරට තේරුණා. ඊට පස්සේ තමයි දිගටම කලාවට යොමුවුණේ.”

කළා ලෝකයට එනකොට ගොඩක් අයට විවිද මඩ එල්ල වෙනවා ඔබට ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න ලැබුනද ? ”අම්මෝ ඕන තරම් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. මම දෙවෙනි ඉනිමේ රඟපාන්න ගිය මුල් කාලේ මගේ පරණ 4ටෝ සමාජ ජාලාවලට දාලා මට විහිලු කළා. ඒ මගේ පාසල් කාලේ පොටෝ. ඒ කාලේ කොහොමත් කලුයි මොකද නිතරම ග්‍රවුන්ඩ් එකේ අවුවට කලුවෙනවා තමයි. ඒ පෙනුමෙන් හැමෝම හැමදාම ඉන්නේ නෑ නේ, තරුණ වෙනකොට විලාසිතා කරනවා ලස්සන වෙනවා”

සචිනි ළඟදී විවාහ වෙනවා කියන්නේ ඇත්තද? ”ඔව් මම ළඟදී විවාහ වෙන්න ඉන්නේ. මම හිතන්නේ ඕනෑම කෙල්ලෙක් තමන්ගේ නිසි වයසට ආවම විවාහ වෙන්න ඕන කියලා. මගේ පෙම්වතා මේ ක්ෂේත්‍රයෙන්ම නෙවෙයි. ගොඩක් වෙලාවට මම විවාහයෙන් පස්සේ රඟපාවිද කියලා කියන්නත් බෑ, මොකද එයා කිවුවොත් රඟපාන්න එපා කියලා මම ඒ කැපකිරීම කරනවා. මගේ ආදරේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන් මට”

ඉතින් මේ විදියට රංගනය හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සචිනි මේ වනවිට විවාහ වෙන්න සුදානම් වෙලා ඉන්නේ ඒ වගේම ඇය අයගේ හොඳම යෙලියන් සමග එකතුවෙලා bride to be සාදය පවත්වලත් තියෙනවා, අපට දැනගන්න ලැබුන විදියට සචිනි විවාහ වෙන්නේ දැන්වත් ව්‍යාපාරිකයෙක් එක්ක. ඉතින් ළඟදීම යුගදිවියට පිවිසෙන්න සූදානම් වන සචිනිට ප්‍රීතිමත් විවාහ දිවියක් ලැබෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *