Sat. May 21st, 2022

සැමියා නොමැතිව තම දරුවන් වෙනුවෙන් වෙහෙසෙන මවක්. ඇය මේ දිනවල හමුවන්නේ දෙරණ නාලිකාවේ ධරණි ටෙලිනාට්‍ය හරහා. බොහෝ දෙනෙක් මේ දිනවල කතා වෙන රංගන ශිල්පිනියක් වෙන ඇය නමින් හේෂානි ලියදිපිට. ඉතින් අපි හිතුවා අද ඇය සමඟ කතා කරන්න. ධරණි කියන්නේ හේෂානිගේ වෙනස්ම නිර්මාණයක් නිසා ඒ ගැන ඇයගෙන්ම අහන්න හිතුවා. “ඔව් මම රංගනයෙන් දායක වෙන මුල්ම ටෙලිනාට්‍ය ධරණි. ඒක වෙනස්ම චරිතයක්. ඉතින් ඒ වගේ අත්දැකිම් ලබාගෙන වෙනස් චරිතයක් කරන්න ලැබිම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

ඒක මගේ වාසනාව වෙන්න ඇති. මේ හැමදේම මට ලැබෙන්නේ 2020 දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගැනිමත් සමඟ. ඉතින් ඒකට මම ඉදිරිපත් වුනේ අම්මා නිසා. කොහොම හරි අද මම මේ යන ගමන ගැන මට සතුටුයි. මොකද මම නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. මම පොඩි කාලේ ඉදන් කැමති නර්ථන ශිල්පිනියක් වෙන්න. ඒ තරම් මම නර්ථනයට කැමතියි. හැබැයි මම අද රංගන ශිල්පිනියක් වුනා. ඉදිරියටම යන්න තමා බලාපොරොත්තු වෙන්නේ.”

ධරණි නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කලොත්, “ඒක ලොකු අභියෝගයක්. මොකද මට දරුවෝ දෙන්නෙත් එක්ක රඟපාන්න වෙන්නේ. ඒකත් සැමියා නැති වැන්දඹු කෙනෙක් විදිහට. මට ඇත්තටම පෞද්ගලික ජිවිතේ මේ වගේ අත්දැකිම් නෑ. මම විවාහ වෙන්න කලින්ම මම අම්මා කෙනෙක් වුනා. ඇත්තටම වචනයෙන් නොකිවාට මම මේ චරිතයට හදවතින්ම රංගනයෙක් දායක වෙනවා. මේ නාට්‍යයේ දෙබස් කියද්දි ඒ වචන පවා මගේ හදවතේ තැන්පත් වුනා. අනිත සටන් කලාව. මට ඇත්තටම ඒකත් අලුත් දෙයක්. මම මේ සටන් කලාව ඉගෙන ගන්නත් ලොකු මහන්සියක් ගත්තා. ඒ නිසාම වෙන්න ඇති මට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් විදිහට මාව නිර්මාණය වුනා.”

ඔබට තියෙන බලාපොරොත්තු “දැන්නම් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න කැමතියි. මම දැන් නිළියක් වෙන තැනටම ඇවිත්. ගොඩක් අත්දැකිම් මේ කලාව තුළ මම ලබාගන්නවා. පරිණත විදිහ⁣ට ජිවිතේ දකිනවා. ඉතින් අභියෝග ජය අරගෙන ජිවිතේ ඉස්සරහට යන්න තමා බලාපොරොත්තු වෙන්නේ. කොහොම උනත් මේ කලාව ඇතුලේ මට ලොකු ගමනක් තියෙනවා ඉතින් මම ඒ ගමන යනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *