Tue. May 17th, 2022

කළා ලෝකයට නොමියෙන කළා නිර්මාණ රැසක් දායාද කල ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ කිසිදා මහලු නොවන රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියන්නේ. පුංචි තිරය වගේම සිනමාවත් ජයගත් චන්න තිර රචකයෙක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ප්‍රේක්ෂක හදවත් වසඟයට ගන්න පුළුවන් කඩවසම් රුවක් වගේම ඔහුටම ආවේනික වූ අපූරු පෞර්ශත්වයක්ද පිහිටා තිබෙනවා, ඉතින් අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ ජනප්‍රිය නළු චන්න පෙරේරා සමග.

චන්නගේ උපන් ගම තමයි බණ්ඩාරගම. ඒ වගේම ඔහුගේ පියා අධ්‍යාපන අධ්‍යක්ෂවරයක්, කොහොම වුනත් මේ වනවිට චන්න පෙරේරාගේ පියා ජීවතුන් අතර නෑ. චන්නගේ මව ගුරු උපදේශිකාවක්. චන්න සිය අධ්‍යාපනය හදාරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ඉතින් චන්න කොහොමද පාසල් කාලේ ගෙවුනේ ”මම පාසල් කාලේ අධ්‍යාපනයටම තමයි කාලය වැය කලේ. අපේ ගෙදර තිබ්බේ කොහොමත් අධ්‍යාපනික පසුබිමක්. හැබැයි පාසල් කාලේ මම ක්‍රීඩා කළා. ක්‍රිකට් තමයි සෙල්ලම්කලේ. ඒ කාලේ මම ලැජ්ජයි පස්සේ පස්සේ යාළුවො එක්ක එකතු වෙලා නාට්‍ය කළා. ඒ කාලේ රඟපෑවේ නැති වුනාට ෆිල්ම් බලන්න ආසයි.

ටෙලිනාට්‍ය නළුවෙක්ව ඉඳලා ඔබ සිනමා නළුවෙක් වුනේ කොහොමද ”අංජලිකා සිනමා පටයෙන් තමයි මම සිනමාවට පය තිබ්බේ. ඊට පස්සේ මම හිතුවා ටෙලිනාට්‍ය වලට සමුදෙන්න ඕන කියලා. හැබැයි ඒක අවදානම් සහගත තීරනයක් මොකද ඒ වනවිට ලංකාවේ සිනමා ක්‍ෂේත්‍රය යම් කඩාවැටීමකට ලක්වෙලා තිබුනේ. හැබැයි මම ටෙලිනාට්‍ය වලට දිගටම සමුදීලා නෑ හොඳ චරිතයක් ලැබුනොත් මම ආයේ රඟපානවා”

මෙරට සිනමාවට දෙස් විද් රංගන ශිල්පිනියන් රැසක් දායාද කල චන්න විවාහ වෙන්නේ නජනප්රිය රංගන ශිල්පිනියක වගේම වැඩසටහන් මෙහෙයවන්නියක් වන ගයාත්‍රී ඩයස් සමග. ඒ වගේම චන්න සහ ගයාත්‍රී කියන්නේ ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියන්. කොහොම වුනත් චන්න සහ ගයාත්‍රී කාලයක් වෙන්ව ඉඳලා තියෙනවා. ඒ පොඩි පොඩි පුද්ගලික ගැටළු කිහිපයක් නිසා. කොහොම වුනත් මේ දෙදෙනා දැන් ගොඩක් ආදරයෙන් ඉන්නවා කියලයි අපිට ආරංචි. ඉතින් චන්න ආදරය සහ විවාහය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි “ආදරය සුන්දරයි. විවාහය බැඳීමක්.” මේදෙක පටලගන්න එපා දෙකම විඳින්න කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *