‘විවාහයෙන් පස්සේ මම ගුරුවරියක් වෙනවා’ ජනප්‍රිය නිලි නයෝමි කියන කතාව

නයෝමි තක්ෂිලා කියන්නේ රංගනයේ තමන් සම්බන්ධ වෙන චරිතයට උපරිම සාධාරණ ඉෂ්ඨ කරන රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල වැඩිපුර කතා බහට ලක් වෙන්නේ නීල පබළු ටෙලිනාට්‍යයේ පුජාගේ චරිතය හරහා. නමුත් ඇය පෙනි සිටි මංගල ඡායාරූප කිහිපයක් නිසාම ඇය විවාහ වුනාදෝ යන්න බොහෝ දෙනෙක් හිතුවා. ඒ නිසාම අපි හිතුවා මේ සියල්ල ගැන ඇයගෙන්ම අහන්න. ඇත්තටම නයෝමි යුග දිවියට එළඹුනාද? “ඇත්තටම පහුගිය දිනක දිනේෂ් එක්ක විවාහ මංගල රූප රාමු කිහිපයක් සඳහා පෙනි සිටියා. ඒ නිසාම ගොඩක් අය මටත් කතා කරලා ඇහුවා මම විවාහ වුනාද කියලා. ඒ වගේම ගොඩක් අය හිතලා තිබුනා මම විවාහ වුනා කියලා. මම විවාහ වුනේ නෑ. සියළු ⁣දෙනාටම දකින්න ලැබුන ඡායාරූප කිහිපයක් පමණයි ඒ.”

ඔබේ විවාහය ගැන කතා කලොත්, “ඇත්තටම තාම මම විවාහ වෙන දවසක් ගැනහිතලා නෑ. හැබැයි දැන්නම් විවාහ වුනොත් හොදයි කියලා හිතෙනවා. විවාහ උත්සවය වුනත් මම ලොකුවට ප්ලෑන් කරන කෙනෙක් නෙවෙයි. මමගොඩක් චාම් විදිහට තමා ගන්න හිතන් ඉන්නේ. අම්මානම් ආසයි මම උඩරට මනාලියක් විදිහට සැරසෙනවට. ඒ නිසා එදාට අම්මාගේ ආසාව මම ඉෂ්ඨ කරනවා. කොහොමත්මම මැරි කරන කෙනා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.”

ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කලොත්, “ම⁣ගේ ජිවිතේ ලොකුම අරමුණ නාට්‍ය හා රංග කලා ගුරුවරියක් වෙන්න. මම ඒ සඳහා අධ්‍යාපනය හදාරනවා. ඒ සියළු දේ අවසන් වුනාහම මම කොහොමත් ආසයි ගුරුවරියක් වෙන්න. බැන්දට පස්සේ ගොඩක් දුරට මම ගුරුවරියක් ලෙස කටයුතු කරයි. හැබැයි ජිවිතේ කිසිම තැනක කිසිම වෙලාවක මම රංගනය කියන අත හරින්න සුදානමක් නෑ.”

රංගන ජිවිතය ගැන මතක් කලොත්, “කොහොමත් මම ආසයි විවිධ චරිත රඟපාන්න. ඒක මම පොඩි කාලේ ඉදන් ආස කරපු විදිහ. මම රංගනය ගැන තවම ඉගෙන ගන්නවා. මම දන්න දේවල් හරිම පොඩ්ඩයි.දවසක සියළු අත්දැකිම් සහිත සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න තමා රංගනය ඇතුලේ මම දකින ලොකුම හීනය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *