Sat. May 21st, 2022

අද වැලන්ටයින් දිනය, ආදරවන්තයන් සහ ආදර වන්තියන්ගේ දවස ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ සියලුම පෙම්වතුන් ආදර වන්තයන්ගේ දිනය සමරනවා, ඒ වගේම අද ආදරෙන් පැරදුන අය තමන්ගේ ආදරය පිලිබඳ කල්පනා කරමින් දුක්වෙනවා. වත්මන් සමාජය ආදරවන්තයන්ගේ දිනය සමරන්නේ සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වුණු උත්සවයක් විදියට. නමුත් වැලන්ටයින් දිනය කියන්නේ සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමක්. පස්වන ශතවර්ෂය අවසානයේ ජෙලසියස් පාප්වහන්සේ විසින් 14 දිනය ශාන්ත වැලන්ටයින් දිනය බවට ප්‍රකාශ කරපු දවසේ ඉඳලා අද වෙනතුරුත් පෙබරවාරි 14 වන දිනය ආදරවන්තයින්ගේ දිනය ලෙස සලකනවා.

ඉතින් අපි අද කියන්න යන්නේ වැලන්ටයින් දිනය දවසේ අහන්න ලැබුන කනගාටුදායක සිදුවීමක් පිලිබඳ, මේ කණගාටු දායක පුවත අපට අහන්න ලැබෙන්නේ මහනුවර ගුරුදෙනිය ප්‍රදේශයෙන්. ආදරවන්තයන්ගේ දිනය ආරම්බවන මොහොතේම මෙම තරුණයා සියල්ල අතහැර නික්ම ගිහින්. ආයේ නොයෙන්නම ගිහින්,

ඔහුගේ පෙම්වතියේගේ පාර්ශවයෙන් එල්ලවුණ බලපෑමක් මත මෙම තරුණයා පොලිස්සියට රැගෙන ගොස් මෙම ආදර සම්බන්දය නතර කරන ලෙස අවවාද කර තිබෙනවා, මෙම තරුණයාගේ මව සිටින්නේ විදෙස්ගතව, පියා කම්කරුවෙක්. පියා සහ මිත්තනිය ළඟ හැදුන මෙම තරුණයා මේ සිදුවීමෙන් සිත් තැවුලට පත්වුණා මේ තරුණයා දුක දරාගන්න බැරිම තැන මේ වගේ තීරණයක් අරන්, අවිෂ්කගේ යහළුවන් පවසන්නේ ඔහු වැලන්ටයින් දිනයේ පෙම්වතිය දෙන්න තෑගී රැසක් මිලටගෙන තිබු බවයි.

ඉතින් අපිට කියන්න තියෙන්නේ ආදර කරන දෙන්නෙක් වෙන් කරන්න හදන්න එපා, ඒක ලොකු පවක්, නොගැලපෙන තැන් තියෙන්න පුළුවන් ආදරේට ඒ දේවල් බාදාවක් නෙවෙයි. ඒ වගේම ආදර සම්බන්දයක් නැතිවුනා කියලා මේ වගේ තීරණ ගන්න එපා, මේ දීර්ඝ සංසාරයේ ප්‍රේමනීය හිත් රැසක් අපිට මුණගැහේවි නමුත් ඒ හිත් එකක්වත් දෙමාපියන් තරම් අපිට ආදරේ කරන්නේ නෑ. ඒ නිසා මොන ප්‍රශ්නේ තිබ්බත් මේ වගේ තීරණ අරන් ඒ හිත්වලට දුකක් දෙන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *