‘වැඩ නොකලට මට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා’ හිමායා බණ්ඩාර

හිමායා බණ්ඩාර කියන්නේ දක්ෂ මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක්. ඇය පුංචි තිරයට ආධුනික චරිතයක් නෙවෙයි. විවිධ චරිත ඔස්සේ ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආව ද ඇය ගැන බොහෝ දෙනා කතා කළේ දෙරණ නාලිකාවේ විකාශය වූ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය සෙනාලි ටිචර්ගේ චරිතය නිසා. වර්තමානය තුළ ඇයව නිරන්තරයෙන් දැකිය නොහැකි චරිතයක් වෙද්දි අපි හිතුවා ඒ ගැන කතා කරන්න. ඇත්තටම පහුගිය දිනවල හිමායා නිර්මාණ තුළ දකින්න ලැබුනේ අඩුවෙන් නේද, පහුගිය කාලේ පුරාවටම මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. ආරාධනා කිහිපයක් ලැබුණත් මම හොඳ නිර්මාණයකට සහභාගි වෙන්න ඕන නිසාම ඒ ආරාධනා බාරගත්තේ නැහැ.මම රඟපාපු නිර්මාණ කීපයක් ඉදිරියට එන්න තියෙනවා. රඟපෑමෙන් ලොකු දායකත්වයක් නොදුන්නත් මම හඬ කැවීමෙන් ලොකු දායකත්වයක් මේ වෙද්දි ලබාදෙනවා.

ඔබ නිවේදන කටයුතුවලින් සමු අරගෙන ද, 2012 වර්ෂයේදී තමයි මම ස්වර්ණවාහිනියෙන් නිවේදිකාවක් විදිහට නිවේදන ක්ෂේත්‍රයට ආවේ. රඟපෑමට වඩා කාලයක්ම රසිකයන් මාව දැක්කේ නිවේදිකාවක් විදිහට. මම ආසයි නිදහස් මාධ්‍ය වේදනියක් විදියට වැඩ කරන්න. මට නිවේදනයට ආරාධනා ලැබුණොත් සලකලා බලනවා. හැබැයි මම දැන් කැමතියි හිමායා ඇතුළේ ජීවත් වෙන රංගන ශිල්පිනියට.

ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ, මම රඟපාපු සෙනාලි ටිචර්ගෙ චරිතයට අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හැමදාටම රසිකයන්ගේ හදවතේ සෙනාලී ටීචර් විදිහට ඉදිවි.හිමායා කියන චරිතය සමාජයට ගෙනාවේ සෙනාලි ටිචර්. මම අදටත් රඟනොපෑ වත් සමහරු මම ගැන මම කරපු චරිත ගැන කතා කරනවා. තින් ඒ ගැන ලොකු සතුටක් මට තියෙනවා.

පලවෙනි සිනමා අත්දැකීම ගැන මතක් කළොත්, මගේ පළවෙනි සිනමා කෘතිය තමයි සාම කුමරු කියන්නේ. මේ සිනමාවේ මම රඟපාන චරිතය වෙන්නේ පාරිකා. ඇය බෝධිසත්ව දරුවකුට ජීවය දුන්න මවක්.ඒ චරිතය තුළ ඇගේ තරුණ විය මැදි විය ආදී සියලු දේ අන්තර්ගත වෙනවා. මේ චරිතය ගොඩක් ගෞරවාන්විත චරිතයක්. මම මට හැකි උපරිම අයුරින් ඒ චරිතයට මගේ සාධාරණත්වය ඉෂ්ට කරලා තියෙනවා.

කොහොමද චරිතයට ලැබුණු ප්‍රතිචාර, මට ගොඩක් සතුටු ප්‍රවීණයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර. මගේ රඟපෑම සාර්ථකයි කියලා ගොඩක් අය කිවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මම වැඩ ගොඩක් නොකළත් මේ වගේ ලැබෙන ප්‍රතිචාරවලට මම ගොඩක් කැමතියි. ආසයි ඒ වගේම ඒ හැම ප්‍රතිචාරයක්ම මට ගොඩක් වටිනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *